ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත: 'සමරිසි විවාහ බලාත්මක කිරීමක් හෝ දිරිගැන්වීමක් නෑ'
- Jun 30, 2024
- 1 min read

ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රධාන පනත් කෙටුම්පත් දෙකක් පිළිබඳ මේ වන විට සංවාදයක් මතුව තිබේ. ඒ අතුරින් ‘කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත’ පසුගිය ජුනි 20 වෙනිදා පාර්ලිමේන්තුවේ දී තෙවනි වර කියවීමෙන් පසුව සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.
එයින් ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත’ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන ලදි.
ජනාධිපතිවරවයා පැවසුවේ මේ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවය.
මේ අතර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ ‘තමන්ගේ ලිංගිකත්වය තෝර ගන්න බැහැනේ කෙනෙකුට. ඉපදෙන කොටම තියෙන ලිංගිකත්වය අනුවනේ අපි ජීවත් වෙන්න ඕනේ’ යනුවෙනි.






Comments