top of page

සාම පාගමනේ අවසන් දිනය අදයි

“ඒහි පස්සිකෝ“ ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදට (28) යෙදී තිබෙනවා. අද දහවල් 12.00 ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන සාම පා ගමන නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතයි. අනතුරුව, පස්වරු 4.00 ට නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී ජනාධිපතිවරයා විසින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිත පිරිස වෙත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධියක් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් භාර දීමට නියමිතයි.

“ඒහි පස්සිකෝ“ ජාත්‍යන්තර සාම පා ගමන පසුගිය 22 වැනිදා දඹුල්ලෙන් ආරම්භ වුණා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page