top of page

සාම පාගමන මෙහෙයවන භික්ෂූන් වහන්සේලා අත්තනගල්ල රජමහා විහාරයට වැඩම කරයි

ලෝකයට සාමය පතා ක්‍රියාත්මක සාම පාගමන මෙහෙයවන වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය අද (21) පෙරවරුවේ අත්තනගල්ල රජමහා විහාරයට වැඩම කරනු ලැබුවා.

එහිදී උන්වහන්සේලා පූජ්‍ය මේල්පිටියේ විමලකිත්ති නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නයේ ආශිර්වාද ලබාගෙන ආගමික වතාවත්වල නිරත විය. මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි ඇතුලු පිරිසක් ද එක්ව සිටියා.

ජාත්‍යන්තර සාම පාගමන වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමියන්, අලෝකා නම් බලු සුරතලා ද රැගෙන අද උදෑසන දිවයිනට වැඩම කළ අතර මෙම සාම පා ගමන හෙට ආරම්භ වීමට නියමිතයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page