top of page

'සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා' - වැඩබලන පොලිස්පති



මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව අද (23) විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පැවසුවා. එසේම ඒ සම්බන්ධයෙන් සියලුම තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවත් ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ආරුගම්බේ ප්‍රදේශය සම්බන්ධයෙන් වන බුද්ධි තොරතුර ඔක්තෝබර් 07 වන විට ලැබුණු බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ.

ඒ අනුව යම්කිසි විදේශික ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් බවට වන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මීට සති 3 කට පෙර සිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළා.

විදේශිකයන්ගේ ආරක්ෂාව, එම ස්ථානවල ආරක්ෂාව, ආගමික කටයුතු කරන ස්ථානවල විශේෂ ආරක්ෂක සැලසුමක් යටතේ පොලීසිය,විශේෂ කාර්ය බලකාය හා බුද්ධි නිලධාරීන් ආරක්ෂාව සැලසූ බවද ඔහු ප්‍රකාශ කළා.

මෙම ආරක්ෂක කටයුතු ඊයේ (22) දිනයේ සිට නිශ්චිත තොරතුරු ලැබීම හේතුවෙන් විශේෂිත වූ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළ බවත් අද පෙරවරුවේද ආරක්ෂක කවුන්සිලය රැස්වූ බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා. දේශීය පුද්ගලයන් ඉලක්ක කරගෙන කිසිදු තර්ජනයක් මේ වනවිට නිරීක්ෂණය නොවන බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page