top of page

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට යූ.එල්. උදය කුමාර


යූ.එල්. උදය කුමාර පෙරේරා සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත්කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන ආ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඔහු මේ වන වි​ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්​ඨ කොමසාරිස්වරයෙක් වශයෙන් සේවය කරන බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මෙතෙක් සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලූ යූ.ඩී.එන්. ජයවීර නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page