
ස්වීඩනයේ පාසලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යම ස්වීඩනයේ ඔරෙබ්‍රෝහි වැඩිහිටි අධ්‍යාපනික පාසලක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. තනි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පසුව ඔහු ද වෙඩි තබා සියදිවි හානි කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Comments