top of page

හොංකොං භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මුහුදට වැටෙයි

ree

හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් අසල තිබූ වාහනයකද ගැටී මුහුදට වැටී තිබෙනවා. තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් වන Air ACT සතු බෝයිං 747-481 ගුවන් යානයක් වන EK9788 එමිරේට්ස් ගුවන් යානය මෙලෙස අනතුරට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් යානය ගැටුණු ගුවන්තොටුපොළ වාහනයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page