top of page

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් දිවයිනට


ree

දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, තුන් දින සංචාරයක් සඳහා අද (03) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තමන් පැමිණි බවත්, පසුව ඒ පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් ජොන්ටි රෝඩ්ස් ගුවන්තොටුපොළේ දී මාධ්‍යයට පැවසීය. අද අලුයම 05.25ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්-148 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජොන්ටි රෝඩ්ස්ව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page