හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
- News Room
- Feb 18
- 1 min read

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප මත මුදා හැරීමට අධිකරණය අද (18) නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහුට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින්, අදාළ වරදට ආධාර හා අනුබල ලබා දුන් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.




Comments