හිටපු මන්ත්‍රී ජගත් කුමාර සජබයෙන් ඉවත් වෙයි
- News Room
- Dec 16, 2024
- 1 min read

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස සිටියදී පසුගිය ජනාධිපතිවරණ සමයේදී සමගි ජන බලවේගය සමග එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර එම පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ පිළිබදව නිළ වශයෙන් දැනුම් දීම සදහා ඔහු අද (16) කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
එහිදී ඔහු කියා සිටියේ මෑතකදී පක්ෂයට එක්වූ නියෝජිතයින් හට සාධාරණය ඉටු නොකිරීම ඇතුලු හේතු කිහිපයක් මුල් කර ගනිමින් තමන් සමගි ජන බලවේගයෙන් ඉවත් වූ බවයි.
Comments