top of page

හෙට නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර රැඳවියන් 285කට ජනාධිපති සමාව



77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් 285ක් හෙට (4) නිදහස් ලබන බවත් එම රැඳවියන් අතරට පිරිමි රැඳවියන් 279ක් සහ කාන්තා රැඳවියන් 6ක් ඇතුළත් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.  

එහිදී වාරියපොළ බන්ධනාගාරයෙන් රැඳවියන් 33ක්, මහර බන්ධනාගරයෙන් රැඳවියන් 31ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් 22 ක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවියන් 15ක් ලෙස රටපුරා සියලුම බන්ධනාගරවලින් රැඳවියන් නිදහස ලබන බවත් එම පිරිස හෙට පෙරවරුවේ නිදහස් කරන බවත් දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page