හෙට CIDයට පෙනී සිටීමට තමන් සූදානම් බව ජොන්ස්ටන් කියයි
- News Room
- Oct 22, 2024
- 1 min read

පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හෙට (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (22) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබීය. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවය.
ඉන් අනතුරුව අදාළ පෙත්සම ලබන 25 වනදා කැඳවීමටද නියම වුණි.






Comments