හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධව වගකීම දැරූ නාවික හමුදාපති ජීවිතක්ෂයට
- News Room
- Mar 26
- 1 min read

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාපති අලිරේසා තංසීරි (Alireza Tangsiri), බන්ඩර් අබ්බාස් (Bandar Abbas) හිදී එල්ල වූ ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වෙනවා.
ගෝලීය බලශක්ති සැපයුමට තීරණාත්මක වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධයෙන් වගකීම දැරුවේ තංසීරි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය ඊශ්‍රායලය හෝ අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද්දක්ද යන්න තවමත් පැහැදිලි අදහස් දැක්වීමක් සිදු කර නොමැත.




Comments