හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට "නොහැකි" බව ඉරානය කියයි
- News Room
- Apr 23
- 1 min read

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන "නිර්ලජ්ජිත සටන් විරාම උල්ලංඝනය කිරීම්" හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට "නොහැකි" බව ඉරානය සඳහන් කර තිබෙනවා.
මොහොමඩ් බගර් ගලිබාෆ් (Mohammad Bagher Ghalibaf) Xහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම "උල්ලංඝනය කිරීම්වලට" අමෙරිකානු නාවික හමුදාව විසින් ඉරාන වරායන් අවහිර කිරීම ද ඇතුළත් වන බවයි.
එසේම ඔහු පෙන්වා දෙන්නේ, මෙය ගෝලීය ආර්ථිකය "ප්‍රාණ ඇපයට ගැනීමක්" බඳු බවයි. ඊශ්‍රායලය විසින් සිදුකරන යුදකාමී ක්‍රියා ද මීට ඇතුළත් බවයි ඔහු පවසා ඇත්තේ.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) පවසා සිටියේ, ඉරානය තවමත් සාකච්ඡා සඳහා විවෘතව සිටින නමුත්, "පොරොන්දු කඩකිරීම්, අවහිර කිරීම් සහ තර්ජන සැබෑ සාකච්ඡා සඳහා ඇති ප්‍රධාන බාධාවන්" බවයි.




Comments