හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන්නි නියමු නිර්මාල් සියඹලාපිටිය, ගෲප් කපිතාන් තනතුරට උසස් කරයි
- News Room
- 6 days ago
- 1 min read

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවා වන නිර්මාල් සියඹලාපිටිය, ගෲප් කපිතාන් තනතුරට උසස් කර ඇති බව ගුවන් හමුදාව පවසනවා.
ඒ අනුව, ඔහුගේ ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ කැපවීම ඉහළම ගෞරවයෙන් සලකන බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අනතුරට පත් එම හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් ගුවන් නියමුවා ඇතුළු නිලධාරින් 05 දෙනා මුදා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස දැඩි පරිශ්‍රමයක් දැරූ අතර, අනතුරින් පසුව ඔවුන් ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී, නිර්මාල් සියඹලාපිටිය නමැති 41 හැවිරිදි ගුවන් හමුදා නියමුවරයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.






Comments