2022 පෙබරවාරියෙන් පසු කොටස් වෙළඳපලේ ඉහළම අගය අද
- News Room
- Oct 29, 2024
- 1 min read

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) ඒකක 135.54කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 12,745.60 ක් ලෙස සටහන් වුණි.
2022 පෙබරවාරි 03 වනදායින් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය වෙයි.
මේ අතර අද S&P SL20 දර්ශකය, ඒකක 64.83ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 3,855.73 ක් දක්වා ඉහළ ගියේය. අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 3.96කි.
コメント