2024 දී ඉන්දීය ධීවරයින් 554 ක් අත්අඩංගුවට
- News Room
- Dec 25, 2024
- 1 min read

2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ධීවර යාත්‍රා 72ක්ද සමග මේ පිරිස නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.
මේ අතර උතුරු මුහුදේ මන්නාරමට නුදුරින් අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් ඉකුත් (23) වැනිදා රාත්‍රීයේ අත්අඩංගුවට ගත්තා. එහි රැඳී සිටි ඉන්දීය ධීවරයින් ගණන 17ක්. ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත සැකකරුවන් භාර දී තිබෙනවා.






Comments