2025 අයවැය ලබන වසරේ ජනවාරි 09 වන දා
- News Room
- Nov 26, 2024
- 1 min read

2025 අයවැය යෝජනා 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
එහි දෙවැනි වර කියවීම පෙබරවාරි 17 වනදා සිදුකිරීමට නියමිත අතර තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වනදා සිදුකිරීමට නියමිතය.
මේ අතර වෙළෙඳපොළෙහි පවතින නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය පිණිස සහල් ආනයන කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව ස්වර්ණ නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Comments