top of page

8 වැනි වසරේ සිසුවියන් දෙදෙනෙකු රවටා අපයෝජනය කරලා

මිහින්තලය පන්සල සහ කටු සෑය වැඳ පුදා ගෙන මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි  කහටගස්දිගිලිය  ප්‍රදේශයේ පාසලක 8 වැනි වසරේ සිසුවියන් දෙදෙනකු රවටා වෑන් රථයකින් රැගෙන ගොස්,  එක් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර අනෙක් සිසුවිය අපහරණය කර අතවරයට ලක් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.



මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සීප්පුකුලම කුකුලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු සහ සිවලාකුලම සමාධිගම ප්‍රදේශයේ පදිංචි 30 පුද්ගලයෙකි.

පාසල් යන බව නිවැසියන්ට පවසා එම සිසුවියන් දෙදෙනා කහටගස්දිගිලියට පැමිණ  පොත් බෑගයේ සඟවා ගෙනා ආ පාට ඇදුම් ඇඳ මිහින්තලය වැඳ පුදා ගෙන කටු සෑයට ගොස් බාරයක් වී නිවසට යෑමට මිහින්තලේ බස් නැවතුම්පලට පැමිණි අවස්ථාවේදී එම සිද්ධියට මුහුණ පෑ බව එම දැරියන්ගේ ප්‍රකාශවල සටහන් වේ.

බස් නැවතුම්පලේ රැඳී සිටියදී වෑන් රථයකින් එම ස්ථානයට පැමිණි එක් පාසල් සිසුවියකගේ පෙම්වතා බව කියන පුද්ගලයා දැරියන් දෙදෙනා වෑන් රථයේ දමා ගෙන නිවසකට රැගෙන ගිය අවස්ථාවේදී  එම නිවැසියන් දැරියන්ගේ වයස අසා, එම නිවසේ නවතා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය කියයි. 

අනතුරුව සැකකාර පෙම්වතා එම දැරියන් දෙදෙනා මිහින්තලයේ හෝටල් කාමරයකට රැගෙන ගොස් එකම කාමරයේ දින දෙකක් රඳවා ගෙන සිට ඇති බවත් දෙවැනි දිනයේ සැකකාර පෙම්වතාගේ යහළුවෙකු එම කාමරයට පැමිණ ඇති බවද පොලීසියට කළ පැමිණිල්ලේ සදහන්ය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page