top of page

E-8 රැකියා ලබාදෙන බව පවසා රුපියල් මිලියන 03ක් වංචා කළ සැකකරු අල්ලයි



දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 03කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව E-7 සහ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගෙන, ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටියදී, විදේශ සේවා කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වෙත ලද බුද්ධි තොරතුරක් මත අදාළ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරුට එරෙහිව ගාල්ල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බැවින්, ඔහු එදිනම සවස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන ඇති අතර, එහිදී සැකකරු එළැඹෙන 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page