top of page

IMF නිලධාරීන් කණ්ඩායමක් අද ලංකාවට



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්.

ඔවුන් අනිද්දා දක්වා මෙරට රැදී සිටිනු ඇති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අනෙකුත් නිලධාරීන් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකච්ඡා කිරීමට නියමිතයි.

එසේම එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ක්‍රියාත්මක ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page