top of page

TATA සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති මියයයි


ree

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය. ටාටා සන්ස් සමූහ ව්‍යාපාරයේ වත්මන් සභාපති එන් චන්ද්‍රසේකරන්, පවසා ඇත්තේ, තමන්ට හොඳ මිතුරෙකු සහ  මාර්ගෝපදේශකයකු අහිමි වූ බවය.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන්, රතන් ටාටා, පසුගිය දා මුම්බායි නුවර බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කළ බවත් එහිදී ඔහු අභාවප්‍රාප්ත වූ බවත් පැවැසෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, සොව පළ කරමින්, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ, රතන් ටාටා දූරදර්ශී නායකයකු සහ දයානුකම්පිත, අසාමාන්‍ය මනුෂ්‍යයකු බවය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page