TRCSL අනුමැතියක් නොමැති ජංගම දුරකථන භාවිතය වළක්වාලන්නට ස්වයංක්‍රීය පද්ධතියක්
- News Room
- Jan 29, 2025
- 1 min read

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව අනවසර ජංගම දුරකථන හේතුවෙන් මේ වන විට සමාජයේ පවතින අනීතික ක්‍රියා අවම කර රටේ ජංගම දුරකථන පාවිච්චි කරන ජනතාව ආරක්ෂා කිරීම මෙහි අරමුණ බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කළේ.
ඉදිරියේදී නීත්‍යානුකූල ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ බහුලවීම තුළින් මිල ගණන් පහළ යෑමක් සිදුවීමට වැඩි ඉඩකඩක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කිසිදු ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙසයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.






Comments