VAT සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කරේ
- News Room
- May 4
- 1 min read

ලබන ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මූල්‍ය සේවා සඳහා මෙතෙක් පැවති 18%ක වැට් බද්ද සහ 2.5% ක් වූ සමාජ ආරක්ෂණ බද්ද ඒකාබද්ධ කරමින්, මූල්‍ය සේවා මත බදු ප්‍රතිශතය 20.5% ක් දක්වා ඉහළ නැංවීමට මෙහිදී යෝජනා කර තිබෙනවා.
එසේම ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සපයනු ලබන සේවා, එනම් අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයන්ගෙන් 18% ක වැට් බද්දක් අය කිරීම ද එළඹෙන ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිතයි.
ඩිජිටල් සේවා සඳහා බදු ලියාපදිංචිය සහ එම බදු ගෙවීම් සම්බන්ධ විධිවිධාන ද මෙම නව සංශෝධන මඟින් සලසා තිබෙනවා.




Comments