top of page

කුෂ් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී දැලේ


ree

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 883ක් සොයාගෙන තිබේ.

සැකකරු 56 හැවිරිදි කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 920ක් සමග පුද්ගලයෙකු වැලිපැන්න කොස්ගහදෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය. 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page