top of page

ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ටත් අනතුරු ඇඟවීම්


ree

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින් ට ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය අද (23) විශේෂ දැනුම්දීමක් කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ ත්‍රස්ත ප්‍රහාරක් සිදුවිය හැකි බැවින් ශ්‍රී ලංකාව සමහර සංචාරක ප්‍රදේශවලින් වහාම ඉවත්වන ලෙස  ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම්දී ඇති බවයි.

එම ඒජන්සිය පවසන්නේ එම අනතුරු ඇඟවීම ආරුගම්බේ සහ ශ්‍රී ලංකාවේ දකුණු සහ බටහිර කලාපවල පිහිටි වෙරළාසන්න ප්‍රදේශවලට අදාළ බවය.එහි දැක්වෙන්නේ, "නවතම තොරතුරු අනුව ත්‍රස්ත අනතුර යොමුවී ඇත්තේ සංචාරක ප්‍රදේශ සහ වෙරළබඩ කලාප" සඳහා ය.

අදාළ අවදානමෙහි ස්වභාවය සම්බන්ධයෙන් ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය විශේෂයෙන් සඳහන් කර නොමැත. නමුත් ඔවුන් ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල සිටින ඊශ්‍රායල ජාතිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ සුපරික්ෂාකාරී වන ලෙසත් විශාල වශයෙන් සාමුහික එක්රැස් නොවන ලෙසත් ය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page