top of page
News Room
Writer
More actions
Profile
Join date: Aug 7, 2024
Posts (658)
Jan 14, 2026 ∙ 1 min
තායිලන්තයේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට; 80කට තුවාල
තායිලන්තයේ ඊසානදිග ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් මතට ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී භාවිතා කරන දැවැන්ත ක්‍රේන් යන්ත්‍රයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනකු ජීවිතක්ෂයට පත්ව, තවත් 80 ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අද උදෑසන බැංකොක් අගනුවර සිට කිලෝමීටර් 230 ක් ඊසාන දෙසින් පිහිටි Nakhon Ratchasima පළාතේ සික්හියෝ දිස්ත්‍රික්කයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරට ලක් වන අවස්ථාවේදී දුම්රිය බැංකොක් නුවර සිට Ubon Ratchathani බලා ගමන් කරමින් සිට ඇති බවයි සඳහන් වන්නේ....
1
0
Jan 14, 2026 ∙ 1 min
වරෙන්තු නිකුත් කර තිබූ විමල් වීරවංශ අධිකරණයට
කොළඹ මහාධිකරණ විසින් වරෙන්තු නිකුත් කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර අධිකරණය වෙත පැමිණ තිබේ. නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් විමල් වීරමංශ මහතාට වරෙන්තු නිකුත් කර තිබුණි. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. කෙසේවෙතත් මීට ටික වේලාවකට පෙර විමල් වීරවංශ මහතා අධිකරණය වෙත පැමිණි බවයි වාර්තා වෙන්නේ.
2
0
Jan 14, 2026 ∙ 1 min
විමල් වීරවංශට වරෙන්තු
නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් එහි විත්තිකරු ලෙස නම් කර තිබු හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.
8
0
bottom of page


