top of page


තායිලන්තයේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට; 80කට තුවාල
තායිලන්තයේ ඊසානදිග ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් මතට ඉදිකිරීම් ක්ෂේත්රයේදී භාවිතා කරන දැවැන්ත ක්‍රේන් යන්ත්‍රයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනකු ජීවිතක්ෂයට පත්ව, තවත් 80 ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අද උදෑසන බැංකොක් අගනුවර සිට කිලෝමීටර් 230 ක් ඊසාන දෙසින් පිහිටි Nakhon Ratchasima පළාතේ සික්හියෝ දිස්ත්‍රික්කයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරට ලක් වන අවස්ථාවේදී දුම්රිය බැංකොක් නුවර සිට Ubon Ratchathani බලා ගමන් කරමින් සිට ඇති බව
News Room
5 hours ago1 min read


වරෙන්තු නිකුත් කර තිබූ විමල් වීරවංශ අධිකරණයට
කොළඹ මහාධිකරණ විසින් වරෙන්තු නිකුත් කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර අධිකරණය වෙත පැමිණ තිබේ. නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් විමල් වීරමංශ මහතාට වරෙන්තු නිකුත් කර තිබුණි. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. කෙසේවෙතත් මීට ටික වේලාවකට පෙර විමල් වීරවංශ මහතා අධිකරණය වෙත පැමිණි බවයි වාර්තා වෙන්නේ
News Room
5 hours ago1 min read


විමල් වීරවංශට වරෙන්තු
නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් එහි විත්තිකරු ලෙස නම් කර තිබු හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.
News Room
6 hours ago1 min read


ඉරානයේ සිටින ඇමරිකානුවන්ට ඉන් ඉවත්වෙන්න කියයි
ඉරානයේ සිටින ඇමරිකානු වැසියන්ට වහාම එරටින් ඉවත් වන ලෙස ඉරානයේ පිහිටි අතථ්‍ය (virtual) ඇමරිකානු තානාපති කාර්යාලය හදිසි ආරක්ෂක දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. ඉරානය පුරා පවතින විරෝධතා උද්ඝෝෂණ සහ නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි අතර, ඒවා ප්‍රචණ්ඩකාරී වීමෙන් පුද්ගලයන් අත්අඩංගුවට පත්වීමට සහ තුවාල ලැබීමට ඉඩ ඇති බව එම කාර්යාලය පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ඇමරිකානු වැසියන් වහාම ඉරානයෙන් ඉවත් විය යුතු අතර, ආරක්ෂිත නම් තුර්කිය හෝ ආර්මේනියාව හරහා ගොඩබිම් මාර්ගයෙන් ඉවත් වීමට ස
News Room
6 hours ago2 min read


අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව කල්යයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි තැබීම හේතුවෙන් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අමරකීර්ති අතුකෝරළ මහතා ජීවිතක්ෂයට පත්වුණි. එහිදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත්වූ අතර, එම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වුයේය. ඒ අනුව අ
News Room
6 hours ago1 min read


රජයේ නිලධාරීන්ගේ උත්සව අත්තිකාරම් මුදල රු.15,000/- දක්වා ඉහළට
රජයේ නිලධාරීන්ට ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000/- දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊට අදාළව ආයතන සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. රජයේ නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ගෙවීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නිලධාරියෙකුට තෛපොංගල්, රාමසාන්, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, වෙස
News Room
1 day ago1 min read


රාජ්‍ය සේවයට 26,095ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
රාජ්‍ය සේවයට 26,095ක් අලුතින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ගුරුවරු 23,344ක් ඇතුළුව මෙම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත්කිරීම සඳහා 2024/12/30 වන දින
News Room
1 day ago1 min read


හය ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණය හකුලා ගනී; ලබන වසරට කල් යයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළව මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ හය ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණය 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළා.
News Room
1 day ago1 min read


ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල්වලට ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්
ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. මෙම නව තීරු බදු පැනවීම වහාම ක්‍රියාත්මක කරන බවද ට්‍රම්ප් පවසා තිබේ. ටෙහෙරානය විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ට්‍රම්ප් මිලිටරිමය වශයෙන් මැදිහත් වන බවට තර්ජනය කිරීමෙන් පසුව නව තීරුබදු පැනවීම සිදුකර ඇත. ඔහුගේ Truth Social ගිණුමේ සටහක් තබමින් ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබේ.
News Room
1 day ago1 min read


ඕස්ට්‍රේලියානු ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් 550,000ක් වසා දමයි
ලොව ප්‍රථම වතාවට හඳුන්වා දුන් නීතියට අවනතන වෙමින් මෙටා සමාගම විසින් ඕස්ට්‍රේලියාවේ ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් 550,000ක් පමණ වසා දමා තිබෙනවා. පසුගිය දෙසැම්බර් 10 වැනිදා සිට රජය විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නීතියක් පැනවූවා. මෙම තීරණය යටතේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට අයත් යැයි විශ්වාස කෙරෙන ඉන්ස්ටග්‍රෑම් ගිණුම් 330,000ක්, ෆේස්බුක් ගිණුම් 173,000ක් සහ ත්රෙඩ්ස් ගිණුම් 40,000කට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇති බව මෙටා සමාගම සිය බ්ලොග් සටහනක දක්වා
News Room
2 days ago1 min read


ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක
අමෙරිකානු ජනාධිපති ඩොනඩ් ට්‍රම්ප් එළැඹෙන වසරේ දී ඉන්දියාවේ සංචාරය කළ හැකි බවත් ඉන්දියාව තරම් අත්‍යවශ්‍ය රටක් එක්සත් ජනපදයට තවත් නොමැති බවත් ඉන්දියාවේ නව අමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් පවසා ඇත. දිල්ලියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දී අදහස් දක්වමින් තනාපතිවරයා මේ බව පැවසු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී ඔහු පවසා ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ට්‍රම්ප්ගේ මිත්‍රත්වය "සැබෑ" බවත් සැබෑ මිතුරන්ට ඔවුන්ගේ වෙනස්කම් විසඳා ගත හැකි බවත්ය. ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය වෙළෙඳ ගිවි
News Room
2 days ago1 min read


නොරොච්චෝලේ ක්‍රියාවිරහිත කර තිබුණු ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට
නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබුණු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. කෙසේ නමුත් එම ජනන යන්ත්‍රය මඟින් උත්පාදනය කරනු ලබන විදුලිය මෙතෙක් පද්ධතියට එක් කිරීමට කටයුතු කර නොමැති අතර, ඉදිරි දින කිහිපයේ එය පද්ධතියට එක් කිරීමට නියමිත බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ. තවත් එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රීය මට්ටමේ පවතින අතර, එම ජනන යන්ත්‍රය ද යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
News Room
2 days ago1 min read


වාහනයක් ගන්න TIN අංකය අනිවාර්යයි
වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් "TIN අංකය" මේ වන විට අනිවාර්යය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. මෙතෙක් කලක් නව වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පමණක් TIN අංකය අනිවාර්යය කර තිබුණු අතර, ජනවාරි මස 05 වැනිදා සිට ලියාපදිංචි වාහනවල හිමිකාරීත්වය පැවරීමේදී ද එය අනිවාර්යය කර ඇති බවයි සඳහන් වන්නේ. යතුරුපැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් සහ ත්‍රිරෝද රථ හැර, අනෙකුත් සියලු මෝටර් වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැව
News Room
2 days ago1 min read


විමල් සත්‍යග්‍රහය අරඹයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉවත් කරගන්නා ලෙස සහ අධ්‍යාපන අමාත්‍යවරියට ඉල්ලා අස්වන ලෙස බල කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විසින් මීට සුළු මොහොතකට පෙර අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසකගේ සහාය ද ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
News Room
2 days ago1 min read


ජුලී චන්ග් ආපසු යයි
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සිය සිව් වසරක සේවා කාලය අවසන් කරමින් එළැඹෙන 16 වැනිදා මෙරටින් පිටත්ව යාමට නියමිත බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. 2022 වසරේදී රාජකාරී ආරම්භ කළ ඇයගේ ධුර කාලය ශ්‍රී ලංකා - ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය, ෆුල්බ්රයිට් වැඩසටහනේ 80 වන සංවත්සරය සහ පීස් කෝප් ස්වේච්ඡා සේවකයන් යළි මෙරටට පැමිණීම වැනි සුවිශේෂී සන්ධිස්ථාන රැසකින් සමන්විත විය. එමෙන්ම මෙරට ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අර
News Room
Jan 71 min read


ඩොලරයේ අගය රු. 310 ඉක්මවා යයි
එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය අද (07) දිනයේදී රු. 310.02 ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව, 2024 පෙබරවාරි 29 දිනෙන් පසුව ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.28 ක් හා විකුණුම් මිල රු. 313.81 ක් ලෙසින් සටහන් වී තිබෙනවා.
News Room
Jan 71 min read


දැඩි ශීත කාලගුණය හේතුවෙන් යුරෝපීයන් පීඩාවට
ප්‍රංශයේ සිට බෝල්කන් රටවල් දක්වා ප්‍රදේශ හිමෙන් හා අයිස්වලින් වැසී ගොස් තිබෙන බව විදෙස් පුවත් වාර්තා කරනවා. ඒ පෙරේදා (05) සිට ආරම්භ වූ ප්‍රචණ්ඩකාරී ආක්ටික් සීතලක් හේතුවෙන්. මෙම ශීත කාලගුණය හේතුවෙන් යුරෝපය පුරා දැඩි ගමනාගමන අවුල් ජාලාවක් නිර්මාණය වී තිබෙනවා. මෙම මාරාන්තික ශීත කාලගුණය හේතුවෙන් 6 දෙනකු මියගොස් ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ. ප්‍රංශයේ රිය අනතුරු පහක් වාර්තා වී ඇති අතර, එයින් තුනක් ලෑන්ඩ්ස්හි කළු අයිස් හේතුවෙන් සිදු වූ අතර අනෙක් දෙදෙනා මියගියේ පැරිසිය අසල ටැක්සි රථය
News Room
Jan 71 min read


ග්‍රෙගරි වැවට සී ප්ලේන් යානයක් කඩා වැටෙයි
නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට උත්සාහ කළ සී-ප්ලේන් (Sea Plane) වර්ගයේ ගුවන් යානයක් අද (07) දහවල් 12:30 ට පමණ අනතුරට ලක්ව තිබේ. යානය ගොඩබස්වන අවස්ථාවේදී පාලනය කරගත නොහැකිව වැවට කඩා වැටී ඇති අතර, එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා තිබේ. අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් සහ වැවේ බෝට්ටු සංචාරවල නිරතව සිටි පිරිස් වහා ක්‍රියාත්මක වී ගුවන් නියමුවන් දෙදෙනා මුදා ගැනීමට කටයුතු කර ඇත. තුවාල ලැබූ නියමුවන් දෙදෙනා මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය තහව
News Room
Jan 71 min read


ගණේමුල්ල සංජීව ඝාතනයට උදව් කළ කුමාර් තක්ෂි සහ තවත් සැකකරුවෙකු රිමාන්ඩ්
කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ආධාර අනුබලදීම සහ නවාතැන් පහසුකම් සැපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි නන්ද කුමාර් තක්ෂි සහ තවත් සැකකරුවෙකු ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටි මෙම සැකකරුවන් දෙදෙනා අද (07) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබීය
News Room
Jan 71 min read


ඉන්දීය හමුදාපති දිවයිනට
ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා දිවයිනට පැමිණ තිබේ. දෙදින සංචාරයක් සඳහා ඒ මහතා ඊයේ (06) රාත්‍රියේ මෙරටට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකා යුද හමුදාපති, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නායකයින් රැසක් හමුවීමට නියමිතව ඇත. එහිදී පුහුණු සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එමෙන්ම මෙම සංචාරය අතරතුර දී ඉන්දීය හමුදාපතිවරයා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC)
News Room
Jan 71 min read
bottom of page


