top of page


දිවයිනට රැගෙන ආ පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට රැගෙන එයි
ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී ඉදිරි විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ. සැකකරු අද පෙරවරුවේ දිවයිනට රැගෙන ආ පසු කටුනායක ගුවන් තොටුපළින් පිටතට රැගෙන ගිය අතර ඉදිරි විමර්ශන සඳහා ඔහු මෙලෙස එම කොට්ඨාසය වෙත භාර දී ඇත. ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් පොඩි ලැසී 2016 වසරේදී අත්අඩංගුවට පත්වූ අතර ඒ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි මනෝජ් මෙන්ඩිස
News Room
4 days ago2 min read


අමාත්‍ය විජිත හේරත් ජර්මනියේ සංචාරයකට පිටත් වෙයි
අමාත්‍ය විජිත හේරත් අද (26) ජර්මනියේ සංචාරයක් සඳහා පිටත්ව යන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, ජර්මානු - ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය සඳහා අමාත්‍යවරයා සහභාගී වීමට නියමිත අතර, එම උත්සවය ඇමතීමට ද නියමිත බවයි දැක්වෙන්නේ. වෙළෙඳාම සහ විදේශ රැකියා සම්බන්ධ රැස්වීම් මාලාවකට ද අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතයි. මෙම සංචාරයේදී අමාත්‍යවරයා, ජර්මනියේ විදේශ අමාත්‍යවරයා සමඟ ද්වි-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
News Room
5 days ago1 min read


T20 තීරණාත්මක තරග දෙකක් අද
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු කාණ්ඩයේ තීරණාත්මක තරග දෙකක් අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පළමු කාණ්ඩය යටතේ තරග වදින දකුණු අප්‍රිකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි. දෙවැනි තරගය ඉන්දීය කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන අතර එම තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙම තරග දෙකම ඉන්දියාවේ පැවැත්වෙනවා.
News Room
5 days ago1 min read


ලංකා විදුලිබල මණ්ඩල හෙට වැඩ වර්ජනයක්
ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට (26) දහවල් 12 සිට සවස 6.00 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. වෘත්තීය සමිති විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දී ඇත.
News Room
6 days ago1 min read


යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය ඩේසි නඩුවෙන් නිදහස්
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොලඹ මහාධිකරණය අද (25) නියෝග කළේය. විත්තිකාර ඩේසී ෆොරස්ට්ට නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්තවයක් තිබෙනවාද? යන කරුණ පිළිබඳ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මඟින් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව අද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මාන
News Room
6 days ago1 min read


ඇවන්ගාඩ් සමාගමේ රිට් පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කෙරේ
ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කළ නියෝගයක් බලරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. එම සමාගම සහ එහි සේවකයින් විසින්ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
News Room
6 days ago1 min read


ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද (25) දිනයේ පැවැත්වෙනවා. ඒ අනුව, සුපිරි 8 වටයේ දෙවන කාණ්ඩය යටතේ, ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි. තරගය අද රාත්‍රී 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
News Room
6 days ago1 min read


හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
News Room
6 days ago1 min read


රේගු නිලධාරීන් කළු පටි පැලඳ රාජකාරියට
වසර 6 ක් තිස්සේ ප්‍රමාද කර ඇති රේගු නිලධාරීන්ගේ උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රේගු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව, අද (24) දිනයේ සිට දිවයින පුරා සියලු රේගු කාර්යාලවල කළු පටි පැලඳ රාජකාරි කටයුතුවල නිරත වීමට රේගු නිලධාරීන් තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ. සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද, ඊට නිශ්චිත විසඳුම් ලබා දීමට මෙතෙක් කටයුතු කර නොමැති බවයි රේගු වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරන්
News Room
7 days ago1 min read


හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට
2023 වසරේ දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිද්ධියෙන් පසුව ඔහු විදේශගතව සිට ඇති අතර නැවත ඊයේ (23) දිනයේ දී දිවයිනට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. 2023 වසරේ දෙසැම්බර් 31වනදා වැලිගම - පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩි හුවමාරුවකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්තව සිටි පොලිස් සාජන්වරයෙකුට දිවි අහිමි වූ අතර, තවත් පුද්ගලයෙකු තුවාල ලැබීය. වැටලීමක් අතරතුර වෙඩි තැබීමක් සිදුව ත
News Room
7 days ago1 min read


රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් තැපෑලට
රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය අවසන් කර තැපෑලට යොමු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. තවත් රියදුරු බලපත්‍ර ලක්ෂයක තොගයක් මුද්‍රණය කිරීමට පවතින බවයි එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළේ. ඒ අනුව වේරහැර, අනුරාධපුර හා මාතර දිස්ත්‍රික් කාර්යාලවලින් ද රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බවත්, මේ වන විටත් ලැබී ඇති අයදුම්පත් සඳහා ද රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ. රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කාඩ්පත් ලක්ෂ 8 ක් මෙරටට
News Room
7 days ago1 min read


ජනවාරි මාසයේ උද්ධමනය අඩුවෙයි
2026 ජනවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 දෙසැම්බර් මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2026 ජනවාරි මාසය සඳහා 2.4%ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2025 දෙසැම්බර් මාසයේ දී 4.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2026 ජනවාරි මාසයේ දී 3.4% ක් දක්වා අඩු වී ඇත. එමෙන්ම, 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) 1.6% ක් ලෙස පැවත
News Room
Feb 231 min read


නේපාලයේ බස් රථයක් පෙරළීමෙන් 17ක් ජීවිතක්ෂයට
නේපාලයේ තිෂුලි ගංඟාවට බස් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 17දෙනෙකු මියගොස් තිබේ. එහිදී තවත් පුද්ගලයින් 24දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පොකාරා නගරයේ සිට නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන් වේ. අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
News Room
Feb 231 min read


මෙක්සිකෝවේ ප්රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන "එල් මෙන්චෝ" මරුට
මෙක්සිකෝවේ ප්රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන "එල් මෙන්චෝ" එරට හමුදා මෙහෙයුමක් අතරතුර මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙක්සිකානු හමුදා විසින් සිදු කළ මෙහෙයුමක් අතරතුර ඝාතනයට ලක්ව ඇති බව එහි දැක්වෙයි. ජාලිස්කෝ නම් මත්ද්‍රව්‍ය හා අපරාධ සංවිධානයේ ප්‍රධානියා වනනෙමේසිඕ ඔසෙගුරා නොහොත්, ‘එල් මෙන්චෝ' අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව මෙක්සිකානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි. එහිදී ඇති වූ ගැටුම්වලදී ජාලිස්කෝසංවිධානයේ සාමා
News Room
Feb 231 min read


අද සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් වෙළඳපොලට
ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව අද (23) සිට අදාළ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බව එම සමාගම සඳහන් කළේය. ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ පැමිණි අතර ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ බවද එම සමාගම සදහන් කළේය. මේ අතර තවත් ගෑස් නෞකා 02ක් ලබන 25 සහ 28 යන දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතව ඇත. පසුගිය දිනවල ගෑස් ඉල්ලුමේ අනපේක්ෂිත ඉහළ යාමක් හේතුවෙන් මෙරට ගෑස් වෙෙළඳපොළ තුළ
News Room
Feb 231 min read


මැලේසියාවේ රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවක්
මැලේසියාවේ සබා (Sabah) ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා. මෙම භූමිකම්පාව හේතුවෙන් මෙතෙක් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ. සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා කිසිවක් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
News Room
Feb 231 min read


දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අනතුරු ඇඟවීම්
මහනුවර, කෑගල්ල, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, දොළුව, උඩුදුම්බර සහ ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ ඊට අයත්. කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, දෙහිඕවිට, අරණායක සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශද මේ සඳහා ඇතුලත්. මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අඹන්ගඟ කෝරළය, ලග්ගල පල්ලේගම, විල්ගමුව සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේ
News Room
Feb 221 min read


ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
අද දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය මීට හේතුව බව සඳහන්. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද ප.ව. 1:00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
News Room
Feb 221 min read


ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් අද මෙරටට
ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් අද (22) මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා. ලිට්රෝ සමාගම පෙන්වා දුන්නේ හෙට දිනය වනවිට පවතින ගැටළුව සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි. මේ අතර දෛනික ලිට්රෝ ගෑස් සැපයුම ඉහළ නැංවීමට ද කටයුතු කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. එමෙන්ම මාර්තු 12 වැනිදා සිට නව ලිට්රෝ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට වෙළද අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.
News Room
Feb 221 min read


ශ්‍රී ලංකා සුපිරි 8 වටයේ පළමු තරගය අද
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එය පස්වරු 3.00ට ආරම්භ වේ. 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ පළමු තරගය ඊයේ (21) පාකිස්තානය සහ නවසීලන්තය අතර පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක සල්මන් අගාගේ තීරණය වූයේ පළමුව පන්දුවට පහරදීමටය. කෙසේවෙතත් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයට නොනවත්වා ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් සංවිධාකයින් තීරණය කළේ තරගය අත්හැර දැ
News Room
Feb 221 min read
bottom of page
