top of page
News RoomNews Room

News Room

Writer
More actions

Profile

Join date: Sep 18, 2024

Posts (292)

Jul 23, 20262 min
එල්-නිනෝ තත්ත්වය අති ප්‍රබල වෙයි - නොවැම්බර් වනවිට උච්චතම අවස්ථාවට
එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට පෙර මෙරටට පැමිණිය හැකි බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි. එල් - නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මෙහි උච්චතම අවස්ථාව නොවැම්බර් මාසය වනවිට පැමිණිය හැකි බවය. ජූලි, අගෝස්තු, සැප්තැම්බර් යන මාසයන්වලදී ඒ අනුව ඉතා දැඩි වියළි කාලගුණ තත්ත්වයක් උදාවිය හැකි අතර, ඔත්තොබර්, නොවැම්බර්, දෙසැම්බර්...

0
0
Jul 15, 20261 min
රුපියල් කෝටි 2.7ක මූල්‍ය වංචා චෝදනා ලැබූ එස්.බී.ගේ සොහොයුරාට ඇප
අත්අඩංගුවට ගෙන සිටි, හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගේ සොහොයුරා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායකට ඇප ලබා දී තිබෙනවා. ඒ අනුව, සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. සුරාබදු බලපත්‍රයක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

0
0
Jul 15, 20261 min
මැදපෙරදිග යුද උණුසුම මැද ශ්‍රීලන්කන් යානා දෙකක් අහසේ සිරවෙයි
කටුනායක ගුවන්තොටුපොළෙන් කුවේට් වෙත සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානා 02ක් මෙලෙස යුද්ධයට මැදිව ඇත්තේ, එම කලාපයේ පැවති යුදමය තත්ත්වය හමුවේ ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙනි. මේ නිසා එම කලාපයට ආසන්න ඉහළ අහසේ ශ්‍රීලන්කන් ගුවන්යානා පියාසර කරමින් සිට ඇති අතර, පසුව ආරක්ෂිතව ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවන් කටයුතු කර තිබුණි. අද (15) උදෑසන වනවිට එම ගුවන් යානා දෙක, යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ...

0
0
V_LG.png
  • Facebook
  • Youtube
bottom of page