top of page


ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. පාකිස්තානයට එරෙහි T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පහත සඳහන් සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙලෙස නම් කර ඇත. මෙහි තරග මෙම මස 7, 9 සහ 11 යන දිනවල දඹුල්ල RDICS හිදී පැවැත්වේ. දසුන් ශානක - නායක පැතුම් නිස්සංක කමිල් මිශාර කුසල් මෙන්ඩිස් කුසල් පෙරේරා ධනංජය ද. සිල්වා චරිත් අසලංක ජනිත් ලියනගේ කමිඳු මෙන්ඩිස් වනිඳු හසරංග දුනිත් වෙල්ලාලගේ මහීෂ් තීක්ෂණ දුෂාන් හේමන්ත ට්‍රෙවීන් මැතිව් දුෂ්මන්ත ච
News Room
Jan 61 min read


අවු.19 න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව, කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සරගේ නායකත්වය යටතේ 15 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර, එහි උප නායකත්වය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ කවිජ ගමගේ විසින් දරන බවයි සඳහන් වන්නේ. වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 15 වැනිදා සිට පෙබරවාරි 06 වැනිදා දක්වා සිම්බාබ්වේ හිදී සහ නැමීබියාවේදී පැවැත්වීමට නියමිතයි. අදාළ සංචිතය පහතින්.
News Room
Jan 11 min read


ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු හෘදයාබාධයකින් මියයයි
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ක්‍රීඩාංගණයේ දී ඇදවැටීමෙන් අනතුරුව මියගොස් තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ. බී.පී.එල්. තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ පළමු තරගයේ කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව මහ්බුබ් අලි සාකි සිහිසුන්ව පිටියේ ඇද වැටී ඇති අතර ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
News Room
Dec 28, 20251 min read


2026 ලෝක කුසලාන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය දසුන් ශානකට
2026 වසරේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය. වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේ අද (19) පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී වික්‍රමසිංහ මහතා පවසා සිටියේ පෙර තේරීම් කමිටුව ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 25ක සංචිතයක් නම්කර තිබූ බවත්, එම සංචිතය වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බව
News Room
Dec 19, 20251 min read


ලංකාවේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඩී.එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි
1982 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ පාදඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වූ ඩී.එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ලන්ඩනයේ දී ඒ මහතා ආභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසුවූ ඩී.එස්. ද සිල්වා මහතා 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ජාතික කණ්ඩායමේ පළමු කණ්ඩායමට අයත් ක්‍රීඩකයෙකු වන ඩී.එස්. ද සිල්වා මහතා ටෙස්ට් තරග දෙකක් සඳහා
News Room
Dec 16, 20251 min read


සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ. රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවති අවසන් එක්දින තරග 5න් තරග 3ක ජය පාකිස්ථාන කණ්ඩායම හිමිකරගෙන ඇති අතර එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ. දෙරට අතර එක්දින තරගාවලිය තරග 3කින් සමන්විතය.
News Room
Nov 11, 20251 min read


හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලංකාවට
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ බඳුන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කරමින්ය. හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් දිනය අදයි. හොංකොං සික්සස් බඳුන ශූරතාව සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර අවසන් මහ තරගය අද පෙරවරු 11:30ට පමණ ඇරඹුණි. එහිදි පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 106ක් ලබා ගත්තේය. සචිත ජයතිලක නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේ
News Room
Nov 9, 20251 min read


ලෝක කුසලානය දිනූ කාන්තා ඉන්දීය කණ්ඩායමට දැවැන්ත ත්‍යාග මුදලක්
කාන්තා එක්දින ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමට අති දැවැන්ත ත්‍යාග මුදලක් ලබා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට හා සහය කාර්යය මණ්ඩලයට ඉන්දීය රුපියල් කෝටි 51ක ත්‍යාග මුදලක් ලබා දෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සායිකියා ප්‍රකාශ කර ඇත. මෙවර කාන්තා එක්දින ලෝක කුසලානයේ දී, ඊයේ දකුණු අප්‍රිකාවට එරෙහි අවසන් මහා තරගය ලකුණු 52කින් ජයගත් ඉන්දීය කාන්තා කණ්ඩායම සිය පළමු එක්දින ලෝක කුසලානය හිමිකරගනු ලැබීය. එම ජයග්‍රාහණය වෙනුවෙන්
News Room
Nov 3, 20251 min read


කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය අද
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර නවි මුම්බායි ක්‍රීඩාංගණයේදී අද පස්වරු 3ට පැවැත්වීමට නියමිතය. කාලගුණ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද තරගයට යම්තාක් දුරට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ සම්භාවිතාවක් ඇති බවය. නමුත් තරගය අත්හැර දැමීමට සිදුනොවෙනු ඇති බවටද අනාවැකි පලකර තිබේ. කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය පරාජය කළ දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරග
News Room
Nov 2, 20251 min read


ඉන්දියාව කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට
ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සමත් විය. තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙසින් මෙම තරගය නවි මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ අද (30) පැවැත්විණි. මෙහිදී ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 339ක දැවැන්ත ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 49(48.3)වන පන්දුවාරයේදී පසුකර යෑමට ඉන්දියාවට හැකිවිය. ඉන්දීය ජයග්‍රහණයේ නියමුවරිය වූ ජෙමිමා රොඩ්රිගස් නොදැවී ලකුණු 127ක් රැස්කළාය. ඊට අමතර
News Room
Oct 31, 20251 min read


දකුණු අප්‍රිකාව එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයට
එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 125කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව අද (29) සමත් විය. ගුවහාතිහිදී පැවති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමි වූ ලකුණු 320ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 42.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 194ක් පමණි. මෙය වසර 52ක (1973 වසරේ සිට) ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලාන තරගබිමේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමක් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථා
News Room
Oct 30, 20251 min read


කාන්තා ලෝක කුසලාන අවසන් පූර්ව වටය අදින් ඇරඹේ
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (29) ආරම්භ වෙයි. අවසන් පූර්ව වටයේ පළමු තරගය එංගලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතව තිබේ. දෙවෙනි අවසන් පූර්ව වටයේ තරගය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර හෙට පැවැත්වීමට නියමිතය. මෙම තරගවලින් ජය ගන්නා කණ්ඩායම් ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
News Room
Oct 29, 20251 min read


දකුණු ආසියා මලල ක්‍රීඩා අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට
ඉන්දියාවේ දී පැවැත්වුණු 2025 දකුණු ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) දිවයිනට පැමිණියහ. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීහු ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කීවේ ජයග්‍රහණය උදෙසා කැපවීමෙන්, උනන්දුවෙන් තරඟ කිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත්, ඔවුන්ගේ පුහුණුකරුවන්ටත් තරුණ කටයුතු සහ ක්‍රීඩ
News Room
Oct 28, 20251 min read


කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ. මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය. තරගාවලියේ...
News Room
Sep 30, 20251 min read


එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඒ සමඟම රට නියෝජනය කරමින් වසර 15ක...
News Room
Sep 30, 20251 min read


ආසියානු කුසලානයෙන් ජයගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ප්‍රතික්ෂේප කරයි
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ...
News Room
Sep 29, 20251 min read


ඉන්දු පාකිස්ථාන අවසන් මහා තරගය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වෙනවා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මෙම...
News Room
Sep 28, 20251 min read


විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වලින් පැතුම් නිස්සංක 6වන ස්ථානයට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 6වන...
News Room
Sep 18, 20251 min read


ICC ශ්‍රේණිගත කිරීම්වලින් ස්ම්රිති මන්දනා පෙරමුණට
ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි යළිත් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමේ ස්ම්රිති මන්දනා සමත්ව තිබේ. ඕස්ට්‍රේලියාවට එරෙහිව...
News Room
Sep 16, 20251 min read


විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව 7වන ස්ථානයට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වන ස්ථානය දක්වා එක්...
News Room
Sep 14, 20251 min read
bottom of page


