top of page


ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට් නිවේදනය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව තමන් වෙත පැවරී ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය (අංකය 2489/48) ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇත
News Room
2 days ago1 min read


එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය කුසල් මෙන්ඩිස්ට
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. ඒ අනුව එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර, එහි උප නායකත්වය කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබෙනවා. එම එක්දින සහ විස්සයි විස්ස සංචිත දෙක සඳහා ක්‍රීඩකයන් 16 දෙනා බැගින් ඇතුළත්ව සිටින බවයි වාර්තා වන්නේ. එසේම ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු ටෙස්ට් සංචිතය ද නම් කර ඇති අතර ක්‍රීඩකයන් 17 දෙනකු එම සංචිතයට ඇතුළත් වනවා.
News Room
May 261 min read


ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ලියාපදිංචි අනිද්දා සිට
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම අනිද්දා (08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ලබන 18 වැනිදා දක්වා මේ සඳහා ලියාපදිංචි විය හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk හරහා මෙම මාර්ගගත ලියාපදිංචි වීමේ අවස්ථාව විදේශ ක්‍රීඩකයන් සඳහා විවෘතව පවතිනවා. LPL තරගාවලිය ලබන ජූලි 10 වැනිදා සිට අගෝස්තු 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංක
News Room
May 61 min read


ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු අද සිට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම පරිපාලන කටයුතු අද (29) සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇති බව එම අමාත්‍යාංශය පවසයි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව හිමිව ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා කමිටුව කඩිනමින් පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රීඩා
News Room
Apr 291 min read


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඒ අනුව, අද (29) සිට ක්‍රියාත්මක වන ඔහු පරිදි එම ධුරයෙන් ඉවත්වනු ඇත. ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින් ද සිය ඉල්ලා අස්වීම් භාර දී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාටද නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
News Room
Apr 291 min read


T20 තීරණාත්මක තරග දෙකක් අද
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු කාණ්ඩයේ තීරණාත්මක තරග දෙකක් අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පළමු කාණ්ඩය යටතේ තරග වදින දකුණු අප්‍රිකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි. දෙවැනි තරගය ඉන්දීය කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන අතර එම තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙම තරග දෙකම ඉන්දියාවේ පැවැත්වෙනවා.
News Room
Feb 261 min read


ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද (25) දිනයේ පැවැත්වෙනවා. ඒ අනුව, සුපිරි 8 වටයේ දෙවන කාණ්ඩය යටතේ, ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි. තරගය අද රාත්‍රී 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
News Room
Feb 251 min read


ශ්‍රී ලංකා සුපිරි 8 වටයේ පළමු තරගය අද
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එය පස්වරු 3.00ට ආරම්භ වේ. 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ පළමු තරගය ඊයේ (21) පාකිස්තානය සහ නවසීලන්තය අතර පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක සල්මන් අගාගේ තීරණය වූයේ පළමුව පන්දුවට පහරදීමටය. කෙසේවෙතත් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයට නොනවත්වා ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් සංවිධාකයින් තීරණය කළේ තරගය අත්හැර දැ
News Room
Feb 221 min read


T20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ අවසන් තරගය අද
පන්දුවාර 20 ලෝක කුසලානයේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද (19) පැවැත්වෙනවා. ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමඟයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි. මේ වන විටත් බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් දෙකම සුපිරි 8 දෙනාගේ වටයට තේරී අවසන්. එමෙන්ම අබාධයට ලක්වූ මතීෂ පතිරණ වෙනුවට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකා සංචිතයට ඩිල්ෂාන් මධුශංක නම් කිරීමට අයි.සී.සී තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවුණා. මේ අතර ශ්‍රී ලංකාව
News Room
Feb 191 min read


T20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ 3වන ස්ථානය පැතුම් නිස්සංකට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ඔස්ට්‍රේලියාවට එරෙහිව පෙරේදා (16) අවසන් වූ තරගයේ දී ක්‍රීඩාකළ විශිෂ්ට ශතකය හේතුවෙන් ඔහු 6වන ස්ථානයේ සිට මෙලෙස ඉදිරියට පැමිණ තිබේ. මෙහි පෙරමුණේ ඉන්දීය ආරම්ක පිතිකරු අභිෂේක් ෂර්මා රැඳී සිටින අතර, දෙවන ස්ථානයේ එංගලන්ත ආරම්භක පිතිකරු පිල් සෝල්ට් රැඳී සිටියි. කෙසේ නමුත් පැතුම් හැරෙන්න පළමු දස දෙනා අතර වෙනත් කිසිදු
News Room
Feb 181 min read


මතීෂ පතිරණට T20 තරගාවලිය අහිමි වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. ඒ ඔහුගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධය හේතුවෙන් බව වාර්තා වෙයි. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තෙවන තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය 16 වනදා පැවැති තරගයේදී මතීෂ පතිරණ මෙලෙස ආබාධයකට ලක්වී තිබුණි.
News Room
Feb 181 min read


වසර 17කට පසුව ඕස්ට්‍රේලියාව T20 තරගාවලියකින් පළමු වටයෙන්ම ඉවතට
වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින් පළමු වටයෙන්ම ඉවතට යාමට ඔස්ට්‍රේලියාවට සිදුවිය. ඒ අද (17) පල්ලෙකැලේ දී පැවත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ - අයර්ලන්තය අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ තරගය අත්හැර දැමීමට කටයුතු කිරීම හේතුවෙනි. ඒ අනුව, සිම්බාබ්වේ සහ අයර්ලන්තය කණ්ඩායම් දෙකකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය. එහිදී සිම්බාබ්වේ කණ්ඩායමට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගිය අතර අයර්ලන්තය කණ්ඩායමට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගියේය. එක
News Room
Feb 171 min read


ශ්‍රී ලංකාව සුපිරි අටදෙනාගේ වටයට
2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ (16) පැවති තරගය කඩුළු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව සුපිරි අටදෙනාගේ වටය සඳහා සුදුසුකම්ද හිමිකරගත්තා. ලකුණු 182ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 18ක් අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 184ක් රැස් කරමින් තරගය ජයගත්තා. මෙම තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 100ක් රැස් කළ අතර, එය මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ පිතිකරුවෙකු රැස්කළ පළමු ශතකයත් වීමත් විශේෂත්වයක්. කුස
News Room
Feb 171 min read


T20 ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා තරගාවලිය අද
2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරගය අද රාත්‍රී 7ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතය. තරගය සඳහා කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා කැඳවා ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. කමිල් මිෂාරගේ දුර්වල පිතිකරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. 20 - 20 තරගයකදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව එකිනෙකා හමුවන්නේ වසර 4කට පසුවය. අද තරගය ජය ගැනීමට හැකිවුවහොත් ශ්‍රී ලංකා
News Room
Feb 161 min read


ඕමාන් - ශ්‍රී ලංකා තරගය අද
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි. තරගය අද උදෑසන 11.00 ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ආබාධයකට ලක්වීම හේතුවෙන් 2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් වනිඳු හසරංග ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට කැඳවා තිබෙනවා.
News Room
Feb 121 min read


ඉන්දු - පකිස්තාන T20 තරගයට පකිස්තානයෙන් අවසර
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙසට පාකිස්තාන රජය විසින් එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව, මෙම තරගය වර්ජනය කිරීමේ තීරණය පිළිබඳ යළි සලකා බලන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පාකිස්තාන රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණු අතර, එම තීරණයට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පාකිස්තාන අගමැතිවරයා අතර ඊයේ (09) සිදු වූ දුරකථන සංවාදයක් අතරතුර ජනාධිපති අනුර කුමාර ද
News Room
Feb 101 min read


වනිඳු හසරංගට විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි
ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ ඔහු මුහුණ දී සිටින මාංශ පේශි ආබාධය හේතුවෙන්. මේ අනුව, වනිඳු හසරංග වෙනුවට දඟපන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තව සංචිතයට ඇතුළත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වෙන්නේ.
News Room
Feb 101 min read


T20 ලෝක කුසලාන අයර්ලන්ත - ශ්‍රී ලංකා තරගය අද
2026, විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම, මූලික වටයේ සහභාගී වන පළමු තරගය අද (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇත. ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවය. මෙම තරගය අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතය අතර ඊයේ (07) දිනයේ ඔවුන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී සිය අවසන් පුහුණු සැසිය සමග එක්විය.
News Room
Feb 81 min read


විස්සයි විස්ස ලෝක කුසලාන පුහුණු උපදේශක ලෙස ලසිත් මාලිංග පත් කරයි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන මූලික වටයේ තරග සඳහා ලසිත් මාලිංග ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙසින් කටයුතු කිරීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කරයි. ඒ අනුව, ලසිත් මාලිංග එළඹෙන 5 වනදා සිට ශ්‍රි ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.
News Room
Feb 31 min read


එංගලන්ත - ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (01) නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. එහිදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හැරී බෲක් හට හිමිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, දසුන් ශානක විසිනි. දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 11කින් ජයගත්තහ. ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය එකට බින්දුවක් ලෙස එංගලන්ත කණ්ඩායම පෙරමුණේ
News Room
Feb 11 min read
bottom of page
