top of page

T20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ අවසන් තරගය අද

පන්දුවාර 20 ලෝක කුසලානයේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද (19) පැවැත්වෙනවා. ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමඟයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි. මේ වන විටත් බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් දෙකම සුපිරි 8 දෙනාගේ වටයට තේරී අවසන්.

එමෙන්ම අබාධයට ලක්වූ මතීෂ පතිරණ වෙනුවට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකා සංචිතයට ඩිල්ෂාන් මධුශංක නම් කිරීමට අයි.සී.සී තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවුණා.

මේ අතර ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 12 ක් 2028 වසරේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (18) නිවේදනය කළා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page