top of page


වරෙන්තු නිකුත් කර තිබූ විමල් වීරවංශ අධිකරණයට
කොළඹ මහාධිකරණ විසින් වරෙන්තු නිකුත් කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර අධිකරණය වෙත පැමිණ තිබේ. නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් විමල් වීරමංශ මහතාට වරෙන්තු නිකුත් කර තිබුණි. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. කෙසේවෙතත් මීට ටික වේලාවකට පෙර විමල් වීරවංශ මහතා අධිකරණය වෙත පැමිණි බවයි වාර්තා වෙන්නේ
News Room
5 hours ago1 min read


විමල් වීරවංශට වරෙන්තු
නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් එහි විත්තිකරු ලෙස නම් කර තිබු හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.
News Room
6 hours ago1 min read


අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව කල්යයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි තැබීම හේතුවෙන් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අමරකීර්ති අතුකෝරළ මහතා ජීවිතක්ෂයට පත්වුණි. එහිදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත්වූ අතර, එම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වුයේය. ඒ අනුව අ
News Room
7 hours ago1 min read


රාජ්‍ය සේවයට 26,095ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
රාජ්‍ය සේවයට 26,095ක් අලුතින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ගුරුවරු 23,344ක් ඇතුළුව මෙම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත්කිරීම සඳහා 2024/12/30 වන දින
News Room
1 day ago1 min read


හය ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණය හකුලා ගනී; ලබන වසරට කල් යයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළව මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ හය ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණය 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළා.
News Room
1 day ago1 min read


නොරොච්චෝලේ ක්‍රියාවිරහිත කර තිබුණු ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට
නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබුණු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. කෙසේ නමුත් එම ජනන යන්ත්‍රය මඟින් උත්පාදනය කරනු ලබන විදුලිය මෙතෙක් පද්ධතියට එක් කිරීමට කටයුතු කර නොමැති අතර, ඉදිරි දින කිහිපයේ එය පද්ධතියට එක් කිරීමට නියමිත බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ. තවත් එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රීය මට්ටමේ පවතින අතර, එම ජනන යන්ත්‍රය ද යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
News Room
2 days ago1 min read


වාහනයක් ගන්න TIN අංකය අනිවාර්යයි
වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් "TIN අංකය" මේ වන විට අනිවාර්යය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. මෙතෙක් කලක් නව වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පමණක් TIN අංකය අනිවාර්යය කර තිබුණු අතර, ජනවාරි මස 05 වැනිදා සිට ලියාපදිංචි වාහනවල හිමිකාරීත්වය පැවරීමේදී ද එය අනිවාර්යය කර ඇති බවයි සඳහන් වන්නේ. යතුරුපැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් සහ ත්‍රිරෝද රථ හැර, අනෙකුත් සියලු මෝටර් වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැව
News Room
2 days ago1 min read


විමල් සත්‍යග්‍රහය අරඹයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉවත් කරගන්නා ලෙස සහ අධ්‍යාපන අමාත්‍යවරියට ඉල්ලා අස්වන ලෙස බල කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විසින් මීට සුළු මොහොතකට පෙර අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසකගේ සහාය ද ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
News Room
2 days ago1 min read


ජුලී චන්ග් ආපසු යයි
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සිය සිව් වසරක සේවා කාලය අවසන් කරමින් එළැඹෙන 16 වැනිදා මෙරටින් පිටත්ව යාමට නියමිත බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. 2022 වසරේදී රාජකාරී ආරම්භ කළ ඇයගේ ධුර කාලය ශ්‍රී ලංකා - ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය, ෆුල්බ්රයිට් වැඩසටහනේ 80 වන සංවත්සරය සහ පීස් කෝප් ස්වේච්ඡා සේවකයන් යළි මෙරටට පැමිණීම වැනි සුවිශේෂී සන්ධිස්ථාන රැසකින් සමන්විත විය. එමෙන්ම මෙරට ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අර
News Room
Jan 71 min read


ඩොලරයේ අගය රු. 310 ඉක්මවා යයි
එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය අද (07) දිනයේදී රු. 310.02 ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව, 2024 පෙබරවාරි 29 දිනෙන් පසුව ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.28 ක් හා විකුණුම් මිල රු. 313.81 ක් ලෙසින් සටහන් වී තිබෙනවා.
News Room
Jan 71 min read


ග්‍රෙගරි වැවට සී ප්ලේන් යානයක් කඩා වැටෙයි
නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට උත්සාහ කළ සී-ප්ලේන් (Sea Plane) වර්ගයේ ගුවන් යානයක් අද (07) දහවල් 12:30 ට පමණ අනතුරට ලක්ව තිබේ. යානය ගොඩබස්වන අවස්ථාවේදී පාලනය කරගත නොහැකිව වැවට කඩා වැටී ඇති අතර, එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා තිබේ. අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් සහ වැවේ බෝට්ටු සංචාරවල නිරතව සිටි පිරිස් වහා ක්‍රියාත්මක වී ගුවන් නියමුවන් දෙදෙනා මුදා ගැනීමට කටයුතු කර ඇත. තුවාල ලැබූ නියමුවන් දෙදෙනා මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය තහව
News Room
Jan 71 min read


ගණේමුල්ල සංජීව ඝාතනයට උදව් කළ කුමාර් තක්ෂි සහ තවත් සැකකරුවෙකු රිමාන්ඩ්
කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ආධාර අනුබලදීම සහ නවාතැන් පහසුකම් සැපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි නන්ද කුමාර් තක්ෂි සහ තවත් සැකකරුවෙකු ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටි මෙම සැකකරුවන් දෙදෙනා අද (07) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබීය
News Room
Jan 71 min read


ඉන්දීය හමුදාපති දිවයිනට
ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා දිවයිනට පැමිණ තිබේ. දෙදින සංචාරයක් සඳහා ඒ මහතා ඊයේ (06) රාත්‍රියේ මෙරටට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකා යුද හමුදාපති, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නායකයින් රැසක් හමුවීමට නියමිතව ඇත. එහිදී පුහුණු සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එමෙන්ම මෙම සංචාරය අතරතුර දී ඉන්දීය හමුදාපතිවරයා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC)
News Room
Jan 71 min read


කාලගුණය ගැන අවදානයෙන්
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය මේ වනවිට මඩකලපුවට කිලෝමීටර් 700ක් දුරින් ස්ථානගතව පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසා සිටියේ මෙම පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී හෙට (08) දිනයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයට පැමිණිය හැකි බවය. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවද ඒ මහතා කියා සිටියේය. විශේෂයෙන් උතුරු, උත
News Room
Jan 71 min read


ලෝක රන් මිල ඉහළට
ලෝක රන් මිල ඩොලර් 4,450 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. අමෙරිකාව විසින් වෙනිසියුලානු රාජ්‍යය යාන්ත්‍රණය අත්පත් කර ගැනීමත් සමඟම, ගෝලීය වශයෙන් උද්ගතව ඇති උණුසුම්කාරී භූ දේශපාලනික වාතාවරණය හමුවේ මෙලෙස රන් මිල ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ. අවසන් වරට ලෝක රන් මිල ඩොලර් 4,549.71 ක අගයක වාර්තා වී තිබුණේ 2025 දෙසැම්බර් 26 වන දින ලෙසයි සටහන් වී ඇත්තේ.
News Room
Jan 61 min read


ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. පාකිස්තානයට එරෙහි T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පහත සඳහන් සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙලෙස නම් කර ඇත. මෙහි තරග මෙම මස 7, 9 සහ 11 යන දිනවල දඹුල්ල RDICS හිදී පැවැත්වේ. දසුන් ශානක - නායක පැතුම් නිස්සංක කමිල් මිශාර කුසල් මෙන්ඩිස් කුසල් පෙරේරා ධනංජය ද. සිල්වා චරිත් අසලංක ජනිත් ලියනගේ කමිඳු මෙන්ඩිස් වනිඳු හසරංග දුනිත් වෙල්ලාලගේ මහීෂ් තීක්ෂණ දුෂාන් හේමන්ත ට්‍රෙවීන් මැතිව් දුෂ්මන්ත ච
News Room
Jan 61 min read


2026 වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
මේ වසර සදහා පළමුවරට පාර්ලිමේන්තු සභාවාරය අද (06) රැස්වීව තිබේ. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. අද දිනයේදී ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ වන නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්රතිලාභ පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතය. ඊට අමතරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පසුගිය දෙසැම්බර් 28 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද ප්රකාශනයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතව තිබේ. පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ
News Room
Jan 61 min read


ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හිටපු අමාත්‍යවරයා ලද කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණි අවස්ථාවේදියි. සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදුකරමින්
News Room
Jan 51 min read


මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම පනත “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත” ලෙස නම් කර ඇති අතර, එයින් ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සම්පූර්ණයෙන්ම අහෝසි කෙරෙන බවයි සඳහන් වන්නේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියෝගය පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.
News Room
Jan 51 min read


ජොන්ස්ටන් FCIDයට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබෙනවා. ඔහුට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ අතර ඒ අනුව හිටපු අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
News Room
Jan 51 min read
bottom of page


