ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභයි
- News Room
- 3 days ago
- 1 min read

කාන්තාවන්ට සහ පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර ලබාදෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛ බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපත්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබූ බව සඳහන් වේ. කෙසේ වෙතත්, අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.




Comments