යුක්‍රේන හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි ධුරයෙන් ඉවත් කෙරේ
- News Room
- 42 minutes ago
- 1 min read

යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි විසින් එරට හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. එරට ආරක්ෂක අමාත්‍ය මයිකයිලෝ ෆෙදොරොව් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු රට පුරා පැවති විරෝධතා මධ්‍යයේ මෙම ඉවත් කිරීම සිදු කිරීම විශේෂත්වක්. 35 හැවිරිදි ෆෙදොරොව්, ආරක්ෂක අමාත්‍යාංශය නවීකරණය කිරීම, හමුදාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ දූෂණයට එරෙහි ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ප්‍රශංසාවට ලක් වූ පුද්ගලයෙක්. එහෙත් 60 හැවිරිදි ඔලෙක්සැන්ඩර් සර්ස්කි, හමුදාව තුළ වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට මැලිවූ පැරණි සෝවියට් නායකයෙකු බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඔහු ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු නව හමුදා ප්‍රධානියා ලෙස 43 හැවිරිදි ජෙනරාල් මයිකයිලෝ ඩ්‍රපටි පත් කර තිබෙනවා.




Comments