top of page


ජපානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්
ජපානයේ ෂිමානේ ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එය, භූ කම්පන තීව්‍රතා පරිමාණය අනුව 5 වන මට්ටමේ ප්‍රබල භූ කම්පනයක් බව සඳහන් වේ. (1 සිට 7 දක්වා) එය එරට වෙලාවෙන් අඟහරුවාදා පෙ.ව. 10:18 ට සිදුව ඇති බව වාර්තා වේ. එමෙන්ම මිනිත්තු 10 කට පසුව, යසුගි ප්‍රදේශයේ භූ කම්පන තීව්‍රතා පරිමාණයෙන් 5 ට වඩා අඩු තවත් භූ කම්පනයක් සිදුව ඇත. එහි විශාලත්වය රික්ටර් මාපක 5.1 ක් ලෙස ගණන් බලා ඇත. මෙම භූමිකම්පා සම්බන්ධයෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක්
News Room
13 hours ago1 min read


ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ ඊසානදිග ප්‍රදේශ කිහිපයකට අද (05) අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබලත්වයක් පෙන්නුම් කළ බව ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) වාර්තා කළේය. එය අද අලුයම 4:17ට පමණ සිදුව ඇති අතර එහි කේන්ද්‍රය (Epicentre) ඇසෑම්හි මොරීගාඕන් (Morigaon) දිස්ත්‍රික්කය අසල වාර්තා වී ඇත. මධ්‍යම ඇසෑම්හි මොරීගාඕන් සහ අවට දිස්ත්‍රික්කවලට මෙහි කම්පන දැඩි ලෙස දැනී තිබේ. කෙසේ වෙතත්, මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වා
News Room
1 day ago1 min read


චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීම උදෙසා උපත් පාලන ක්‍රමවලට බද්දක්
චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා දශක තුනකට පසු ප්‍රථම වතාවට කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බද්දක් පැනවීමට තීරණය කර තිබේ. චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා දශක තුනකට පසු ප්‍රථම වතාවට කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අද (01) වන දින සිට ක්‍රියාත්මක වන මෙය 13% ක වැට් බද්දකි. වසර 30 කට වැඩි කාලයක් තිස්සේ චීනයේ පැවති එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් පසුගිය දශකය තුළ එරට පහත වැටුනු උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබේ. මේ අතර ච
News Room
5 days ago1 min read


තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාම ගිවිසුමකට අත්සන් තබයි
තායිලන්තය සහ කාම්බෝජය අතර සති ගණනාවක් පුරා පැවති දරුණු දේශසීමා ගැටුම් නැවැත්වීම සඳහා සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශ්වය අද (27) අත්සන් තබා තිබේ. තායිලන්තය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍ය නතාෆොන් නාර්ක්ෆනිට් සහ කාම්බෝජය වෙනුවෙන් ටී සෙයිහා විසින් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. ඒ අනුව දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු සටන්විරාමය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ, අද දහවල් සිට සටන් විරාමය ක්‍රියාත්මක වන බවය. දෙරටේ දේශසීමා අතර පසුගය කාලසීමාවේ ඇති වූ දරුණු යුදමය තත්ත්වයනේ පුද්ගලයින් 101ක
News Room
Dec 27, 20251 min read


ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්
ඉන්දියානු දේශීය ගුවන් සේවා ක්ෂේත්රයේ පවතින ඒකාධිකාරී ස්වභාවය අවම කරමින්, නව ගුවන් සමාගම් තුනකට ඉන්දීය අහසේ මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා මධ්‍යම රජයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙසේ අවසර හිමිව ඇත්තේ Al Hind Air, FlyExpress සහ Shankh Air යන ගුවන් සමාගම් වෙතයි. Al Hind Air සහ FlyExpress යන සමාගම් දෙකට මේ සතියේදී රජයෙන් 'විරුද්ධත්වයක් නොමැති බවට වන සහතිකය' (NOC) හිමිවූ අතර, Shankh Air සමාගම මීට පෙර එම අවසරය ලබාගෙන තිබුණා. මෙම තීරණය විශේෂ වැදගත්කමක් ගන්නේ දෙසැම්බර් මුල් සතියේ 'ඉන්ඩිගෝ'
News Room
Dec 25, 20251 min read


ලිබියානු යුද හමුදාපති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට
ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ. හමුදාපතිවරයා, හමුදාවේ උසස් නිල දරන ප්‍රධානීන් සිවු දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් රැගත් පෞද්ගලික ජෙට් යානය අනතුරට ලක්වන අවස්ථාවේදී අන්කාරා සිට ලිබියාවේ ට්‍රිපොලි බලා පියාසර කරමින් පැවතියේය. අනතුරින් යානයේ සිටි සියලුමදෙනා මියගොස් තිබේ. අනතුරට පෙර යානයේ නියමුවන් යම් තාක්ෂණික දෝෂයක් සම්බන්ධව ගුවන් පාලක මධ්‍යස්ථානයට දන්වා, එහි ඉන්ධන හෙලමින් යානය ගොඩබැස
News Room
Dec 24, 20251 min read


'ග්‍රීන් කාඩ්' ලොතරැයි වැඩසටහන අත්හිටුවයි
'ග්‍රීන් කාඩ්' (Green Card) ලොතරැයි වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ඒ, බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ සහ MIT ආයතනයේ සිදුවූ දරුණු වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරු අමෙරිකාවට ඇතුළු වී ඇත්තේ වීසා ලොතරැයි වැඩසටහන හරහා බව අනාවරණය වීමත් සමයි. මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් අමෙරිකානු දේශීය ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එක්සත් ජනපද පුරවැසි සහ සංක්‍රමණ සේවා (USCIS) ආයතනය වෙත මෙම වැඩසටහන තාවකාලිකව න
News Room
Dec 19, 20251 min read


යුදෙව් විරෝධී හිරිහැර නිසා සිඩ්නි නුවර බේකරියක් වසා දමයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි යුදෙව් ජාතිකයෙකුට අයත් බේකරියක් වන Avner’s Bakery, නිරන්තරයෙන් එල්ල වන යුදෙව්-විරෝධී හිරිහැර සහ කාර්ය මණ්ඩලයේ හා ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ බිය හේතුවෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා. මෙම බේකරියේ හිමිකරු වන ප්‍රකට යුදෙව් සූපවේදියෙකු වන එඩ් හැල්මැගි පවසා ඇත්තේ තම ආයතනය වසර දෙකක් තිස්සේම තර්ජන, විනාශකාරී ක්‍රියා සහ නොනවතින හිරිහැරවලට ලක්වූ බවයි. මෙම තත්ත්වය වඩාත් උග්‍ර වී ඇත්තේ, පසුගිය ඉරිදා දින සිඩ්නි හි සුප්‍රසිද්ධ බොන්ඩයි වෙරළේ හනුක්කා උ
News Room
Dec 18, 20251 min read


තෘස්ත ප්රහාරයටන් එරහෙිව ඕස්ට්‍රේලියාවට සහාය ලබාදනෙ බව ඉන්දීය අගමැති කියයි
හනුක්කා යුදෙව් උත්සවයේ පළමු දිනය සමරන ජනතාව ඉලක්ක කර ගනිමින් ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේදී එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. ඛේදජනක සිදුවීම සම්බන්ධයෙ න් දැඩි ශෝකය පළ කරමින්, තම ආදරණීයයන් අහිමි වූ පවුල්වලට ඉන්දීය ජනතාව වෙනුවෙන් ඔහු හෘදයාංගම ශෝකය පළ කර තිබුණා. මෙම ශෝකජනක අවස්ථාවේදී ඉන්දියාව ඕස්ට්‍රේලියානු ජනතාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් සිටින බව ද ඔහු පවසා තිබුණා. මෙම කාරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ නොසැලෙන ස්ථාවරය නැවත අවධ
News Room
Dec 16, 20251 min read


සිඩ්නි නුවර වෙඩිතැබීමේ දී තුවක්කුකරුවෙකු නිරායුධ කළ අහමඩ් අල් අහමඩ්ට ත්‍යාග මුදල් රැසක්
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Bondi වෙරළ තීරයේහි සිදු වූ වෙඩි තැබීමේදී තුවක්කුකරුවෙකු නිරායුධ කරමින් ජීවිත රැසක් බේරාගත් අහමඩ් අල් අහමඩ් වෙනුවෙන් ඔස්ට්‍රේලියාව පුරා ත්‍යාග මුදල් ගලා එමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ අනුව, අහමඩ්ගේ සුවය සඳහා පිහිටවූ GoFundMe අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරය දිනක් ඇතුළත ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.1කට (එක්සත් ජනපද ඩොලර් 744,000කට ආසන්නය) වඩා රැස් කර තිබෙනවා. තුවක්කු ප්‍රහාරයකින් තුවාල ලබා ශල්‍යකර්මයකට භාජනය වී රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර මෙ
News Room
Dec 16, 20251 min read


සිඩ්නි නුවර වෙඩි ප්‍රහාරය පිය - පුතු දෙපළක් විසින් සිදු කල බවට හෙළිවෙයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩයි වෙරළ තීරයේ යුදෙව් ආගමික උත්සවයක් ඉලක්ක කරමින් එල්ල කළ වෙඩි ප්‍රහාරය පිය - පුතු දෙපලක් විසින් සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පොලිස් වෙඩි පහරින් මියගිය පියාගේ වයස අවුරුදු 50 ක් වන අතර බරපතල තුවාල ලැබූ නවීඩ් අක්රම් නමැති පුත්‍රයා 24 හැවිරිදි වියේ පසුවන බවයි. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 40 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 1996 වසරේද
News Room
Dec 15, 20251 min read


ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකුගෙන් භයානක ජාන විකෘතියක්
යුරෝපය පුරා සිටින අවම වශයෙන් ළමුන් 197 දෙනෙකුට ඩෙන්මාර්කයේ ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකුගෙන් භයානක TP53 ජාන විකෘතියක් සම්ප්‍රේෂණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදෙස් වාර්තා පවසනවා. මෙම විකෘතිය හේතුවෙන් ඔවුන්ගේ පිළිකා අවදානම 90% කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. යුරෝපීය ශුක්‍රාණු බැංකුව හරහා ශුක්‍රාණු ලබා දුන් ඩෙන්මාර්කයේ මෙම පුද්ගලයා, තමා තුළ TP-53 ජානයේ ඇති රෝග ලක්ෂණ නොපෙන්වන මෙම විකෘතිය පිළිබඳව දැන නොසිටි බව සඳහන්. මෙම පුද්ගලයා ශිෂ්‍යයෙකුව සිටියදී ශුක්‍ර
News Room
Dec 12, 20251 min read


ජපානයට ඉදිරි සතියේ මැග්නිටියුඩ් ඒකක 8ක හෝ ඊට වැඩි තවත් ප්‍රබල භූ කම්පනයක්
ජපානයට ඊයේ රාත්‍රියේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු, තවත් විශාල භූමිකම්පාවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා. ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ හොකයිඩෝ වෙරළට ඔබ්බෙන් වූ ජපාන අගාධය සහ චිෂිමා අගාධය ඔස්සේ මැග්නිටියුඩ් ඒකක 8ක හෝ ඊට වැඩි ප්‍රධාන කම්පනයක් ඇති වීමේ හැකියාවක් ඇති බවයි. මෙම අනතුරු ඇඟවීම, 2022 න් පසු නිකුත් කළ පළමු ප්‍රබල භූ කම්පන අනතුරු ඇඟවීමයි. හොකයිඩෝ සිට චිබා ප්‍රාන්තය දක්වා ප්‍රදේශ මෙම අනතුරු ඇඟවීම ඔස්සේ ආවරණය කරන අතර නිලධාරීන් උ
News Room
Dec 10, 20252 min read


ජපානයේ භූ කම්පනයෙන් 33කට තුවාල
ජපානයේ ඇතිවූ භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 33 ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජපානයේ උතුරු කෙළවරේ පිහිටි අමෝරි නගරයට නැගෙනහිරින් සහ හොක්කයිඩෝ දූපතට දකුණින් රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හට ගෙන තිබුණා. භූමිකම්පාව සිදු වූ අවස්ථාවේ දී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, පසුව අද උදෑසන 6.30 ට එය ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. අමෝරි නගරයට දකුණින් පිහිටි ඉවාට් ප්‍රාන්තයේ කුජි වරායට සෙන්ටිමීටර 70 ක පමණ උසින් යුත් සුනාමි රළ පැමිණ ඇති බවයි
News Room
Dec 9, 20251 min read


ජපානයට භූ කම්පනයක්; සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි
ජපානයේ වෙරළ තීරයට ඔබ්බෙන් මැග්නිටියුඩ් ඒකක 7.2 ක භූමිකම්පාවක් හටගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මේ බව ජපාන භූ විද්‍යා ආයතනය විසින් වාර්තා කර තිබුණා. ජපාන රාජ්‍ය මාධ්‍ය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවට ද වාර්තා කර තිබෙනවා.
News Room
Dec 9, 20251 min read


චීන විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවයි
2025 වසරේ නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවා ඇති බව වාර්තා වේ. චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ (07) නිකුත් කළ නවතම දත්තවලට අනුව, එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.3464ක් ලෙසය. පසුගිය ඔක්තෝබර් මස අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3ක වැඩිවීමක් වන අතර එහි වර්ධනය 0.09%කි. 2025 වසරේ නොවැම්බර් මාසයේදී, විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම වැනි සාධක හේතුවෙන් විදේශ විනිමය සංචිතය වර්ධනය වී ඇති බව චීන විදේශ විනිම
News Room
Dec 8, 20251 min read


පාකිස්තානයට මෙරටට ආධාර රැගෙන ඒමට ඉන්දීය ගුවන් කලාපය විවෘත වේ
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත්වුණු ශ්‍රී ලංකාවට, ඉන්දීය ගුවන් කලාපය හරහා, ආධාර රැගෙන ඒමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පාකිස්තානයට අවසර දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ සම්බන්ධයෙන් පාකිස්තාන රජය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, පැය 4ක වැනි කෙටි කාලයක් ඇතුළත එම අවසරය ලබා දුන් බව ද ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. ඉන්දීය රජය තම ගුවන් කලාපය පාකිස්තානයට තහනම් කර තිබුණේ දෙරට අතරේ පවතින විරසයක නිසාය.
News Room
Dec 2, 20251 min read


ඉතියෝපියාවේ Hayli Gubbi ගිනි කන්ද වසර 12,000කට පසු පුපුරා යයි
ඉතියෝපියාවේ ඊසානදිග කලාපයේ පිහිටි හේලි ගුබ්බි (Hayli Gubbi) ගිනි කන්ද වසර 12,000 කට පමණ පසු පළමු වරට පුපුරා ගොස් තිබෙනවා. මෙම පිපිරීම හේතුවෙන් පිට වූ අළු වලාකුළු රතු මුහුද හරහා යේමනය සහ ඕමානය දෙසට ගමන් කරමින් පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ. තවත් වාර්තාවකට අනුව, ඉන්දියාව සහ උතුරු පකිස්ථානය පුරා ද ව්‍යාප්ත වී තිබෙනවා. මිචිගන් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ගිනිකඳු විද්‍යාඥයෙකු සහ මහාචාර්යවරයෙකු වන සයිමන් කාන් තහවුරු කළේ, අවසාන අයිස් යුගය අවසන් වීමෙන් පසු වසර 12,000 කට පමණ පෙර ආර
News Room
Nov 26, 20251 min read


පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත. මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් එක් අයෙක් මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසළ බෝම්බය පුපුරවා හැර තිබේ. අනෙක් පුද්ගලයා හමුදා මූලස්ථාන පරිශ්‍රය තුළ දී බෝම්බය පුපුරවා හැර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
News Room
Nov 24, 20251 min read


වියට්නාමයට බලපා ඇති ගංවතුරින් පුද්ගලයින් 41ක් ජීවිතක්ෂයට
මධ්‍යම වියට්නාමයට ඇදහැලෙන අධික වර්ෂාවෙන් බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 41දෙනෙකු මිය ගොස් තිබේ. මේ හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් 9දෙනෙකු සොයා සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. ජල ගැලීම්වලින් නිවාස 52,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති අතර නිවාස විශාල ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්ය. මධ්‍යම වියට්නාමයට එළැඹන ඉරිදා දක්වා තද වැසි ඇදහැලෙන බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ. ගෙවුණු කාලවකවානුව තුළ වියට්නාමයට බලපෑ අයහපත් කාලගුණය සහ කල්මේගි සුළ
News Room
Nov 21, 20251 min read
bottom of page


