වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට
- News Room
- 1 hour ago
- 1 min read

වෙනිසියුලාවේ අගනුවර ආසන්නයේ සිදු වූ ප්‍රබල භූමිකම්පා දෙකකින්, මිය ගිය සංඛ්‍යාව මේ වන විට 235 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 4,300කට අධික පිරිසක් මේ හේතුවෙන් තුවාල ලබා ඇති අතර, තවදුරටත් සුන්බුන් අතර සිටින පිරිස් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් සිදු කරන බවයි සඳහන් වෙන්නේ.
එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, මුලින්ම රික්ටර් මාපකයේ 7.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගත් අතර, ඉන් තත්පර කිහිපයකට පසු, ඊටත් වඩා ප්‍රබල රික්ටර් මාපකයේ 7.5 ක භූමිකම්පාවක් සිදු ව තිබුණා.
වෙනිසියුලාවේ අන්තර්කාලීන ජනාධිපතිනි Delcy Rodríguez විසින් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වෙනිසියුලානු ජාතික මණ්ඩලයේ සභාපති Jorge Rodríguez ප්‍රකාශ කළා.




Comments