top of page


අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි
අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට ඊයේ (14) අත්සන් තැබුණා. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්, මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ විධායක ජෙනරාල් බ්‍රිගේඩියර් ටේරන්ටන් ගිබ්සන් සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා එම ගිවිසුමට අත්සන් කරනු ලැබුවා. මෙම අවබෝධතා ගිවිසුම මගින් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ මොන්ටානා ජාතික ආර
News Room
9 hours ago1 min read


නොවැම්බර් 24 සිට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලැබේ
එළඹෙන නොවැම්බර් මස 24 වැනිදා සිට බැංකු මගින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් බස් රථ ගාස්තු ගෙවීමේ අවස්ථාව මහජනතාවට හිමි වෙනවා. මේ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (14) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා. මෙම නව පහසුකම හඳුන්වාදීමත් සමඟ, බස් රථවල ගමන් ගන්නා මගීන්ට මුදල් භාවිතයෙන් තොරව (Cashless) ගෙවීම් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
News Room
10 hours ago1 min read


ඉන්දුනීසියාවේ ජාවා දූපත්හි නායයෑමක්; දෙදෙනෙක් ජීවිතක්ෂයට
ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු අතුරුදන්ව තිබේ. අතුරුදන්වූවන් සෙවීම සඳහා එරට ආපදා කළමණාකරණ අංශ විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දුනීසියාවට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ගම්මාන කිහිපයක නිවාස විශාල ප්‍රමාණයකට ද හානි සිදුව ඇති බව සඳහන් වේ. එමෙන්ම ආපදාවලට ලක්වු පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද ආපදා කළමණාකරණ අංශ කටයුතු කර ඇත.
News Room
10 hours ago1 min read


සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ. රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවති අවසන් එක්දින තරග 5න් තරග 3ක ජය පාකිස්ථාන කණ්ඩායම හිමිකරගෙන ඇති අතර එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ. දෙරට අතර එක්දින තරගාවලිය තරග 3කින් සමන්විතය.
News Room
4 days ago1 min read


මෙවර උසස් පෙළ විභාගය පෙනී සිටින සිසුවියක් සිය දිවි හානිකරගනී
මෙවර උසස් පෙළ විභාගය සඳහා ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි දඹුල්ල, ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දඹුල්ල ජාතික පාසලේ ඉගෙනුම ලැබූ සිසුවියගේ මරණය සියදිවි හානිකරගැනීමක් බවට අනාවරණ වී තිබෙනවා. ඒ දඹුල්ල මූලික රෝහලේ දී ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි. ඇය වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවටද හෙලිව තිබෙනවා. පෙරේදා රාත්‍රියේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට රාත්‍රී නින්දෙන් පසු උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් සොයා බැලීමේදී ඇය සිහි
News Room
4 days ago1 min read


නවදිල්ලි අගනුවර කාර් බෝම්බ පිපිරුමක්; 9ක් ජීවිතක්ෂයට
ඊයේ (10) සවස නවදිල්ලි අගනුවර එම කාර් බෝම්බය පුපුරා ගියේ නව දෙනකුට දිවි අහිමි කරමිණි. පිපිරුමට හසුවීමෙන් 20 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ද පැවැසෙයි. එය ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරන අතර, ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. ඉන්දියාව පුරා ප්‍රධාන නගරවල ආරක්ෂාව තරකර ඇතැයි ද පැවැසෙයි. ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ රට වැසියන්ට අනතුරු ඇඟවීම් කර ඇත්තේ, ඉන්දියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසය. ඉන්දියාවේ සංචාරය කරන්නේ නම්, ජනාකීර්ණ ස්ථානවල ගැවස
News Room
4 days ago1 min read


මැදපෙරදිග සැඟව සිටින මත් ජාවාරම්කරුවන් 07ක් මෙරට බලධාරීන්ට භාරවීමට එකඟ වෙයි
මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත් ජාවාරම්කරුවන් 07දෙනෙකු මෙරට බලධාරීන් වෙත භාරවීමට කැමැත්ත පළ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ වනවිට පැවත්වෙන විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටුදැමීම සඳහා වන 'රටම එකට' ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමිනි.
News Room
6 days ago1 min read


ඉන්දියාවේ සිදු කළ කැණීමකදී අං තුනකින් යුත් ඩයිනෝසෝරයෙකුගේ පොසිලයක් හමුවෙයි
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි සහරන්පූර් දිස්ත්‍රික්කයේ සහන්සාරා ගං ඉවුර ආසන්නයේ සිදු කළ කැණීම්වලින් ට්‍රයිසරටොප්ස් නම් අං තුනකින් යුත් ඩයිනෝසෝරයෙකුගේ යැයි විශ්වාස කෙරෙන පොසිලයක් හමුවී ඇති බව පර්යේෂකයින් පවසයි. එම පොසිලය වසර මිලියන ගණනක් පැරණි විය හැකි බව දැනට සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම ඩයිනෝසෝරයන් ක්‍රිටේසියස් යුගයේදී එනම් වසර මිලියන 100.5 කට පෙර ජීවත්ව සිට ඇති බව වාර්තා වේ. මෑත වසරවලදී මෙම ප්‍රදේශයෙන් කරන ලද කැණීමවලදී වසර මිලියන ගණනක් පැරණි පොසිල කිහිපයක්ම හමු
News Room
6 days ago1 min read


ජපානයට ප්‍රබල භූමිකම්පාවක්
උතුරු ජපානයට අද (09) පස්වරුවේ ප්‍රබල භූමිකම්පාවක් සහ ඉන් අනතුරුව තවත් කම්පන කිහිපයක් බලපෑ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) පවසනවා. භූමිකම්පාව ජපාන වේලාවෙන් සවස 5 ට පමණ සිදුවූ අතර, එහි මූලික ප්‍රමාණය රික්ටර් මාපක 6.7 ක් ලෙස වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී, JMA විසින් උතුරු වෙරළබඩ කලාපය සඳහා මීටර 1 ක් (අඩි 3 ක්) දක්වා උස සුනාමි රළ ඇතිවීමේ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා.
News Room
6 days ago1 min read


හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලංකාවට
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ බඳුන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කරමින්ය. හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් දිනය අදයි. හොංකොං සික්සස් බඳුන ශූරතාව සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර අවසන් මහ තරගය අද පෙරවරු 11:30ට පමණ ඇරඹුණි. එහිදි පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 106ක් ලබා ගත්තේය. සචිත ජයතිලක නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේ
News Room
6 days ago1 min read


DNA ව්‍යුහය සොයාගත් ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි
ඩීඑන්ඒ (DNA) ව්‍යුහය සොයාගැනීමට සම දායකත්වය ලබාදුන් නොබෙල් ත්‍යාගලාභී අමෙරිකානු විද්‍යාඥයෙකු වන ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වනවිට ඔහු 97 හැවිරිදි වියේ පසුවූවා. ඔහු වසර ගණනාවක් සේවය කළ කෝල්ඩ් ස්ප්‍රින්ග් හාබර් රසායනාගාරය (Cold Spring Harbor Laboratory) විසිනුයි වොට්සන්ගේ අභාවය තහවුරු කර ඇත්තේ. 20 වැනි සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීම්වලින් එකක් වන ඩීඑන්ඒහි ද්විත්ව හෙලික්සීය ව්‍යුහය ඔහු 1953 දී බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙකු වන ෆ්‍රැන්සිස් ක්‍රික් සමග එක්වයි සොයා
News Room
Nov 81 min read


ලොව විශාලතම මකුළු දැල සොයාගනී
විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ පොළව අභ්‍යන්තරයේ අඳුරු ගුහාවකින් ලොව විශාලතම මකුළු දැල සොයාගෙන තිබේ. වර්ග අඩි 1,140ක් පුරා පැතිර ඇති මෙහි මකුළු ජීවීන් 110,000කට වැඩි ප්‍රමාණයක් සිටින බව සඳහන්. මෙම ගුහාවට සූර්යාලෝකය සැලකිය යුතු ලෙස නොලැබෙන අතර, ඒ හේතුවෙන් විෂ සහිත හයිඩ්රජන්-සල්ෆර් වායුව ඉහළ මට්ටමක පවතින බව විද්‍යාඥයන් පවසයි. එවන් තත්ත්වයක් යටතේ මෙම විශාල මකුළු දැලක් නිර්මාණය කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් පර්යේෂණයක් අරඹා තිබේ. මෙම මකුළු දැල ගුහාව
News Room
Nov 81 min read


නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල මහතා තේරීපත්විය
මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල මහතා තේරිපත්විය. නිලංගදෑලට පක්ෂව ඡන්ද 195ක් ද ලබාගත් අතර මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.එම්.දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා ඡන්ද 50ක් ද මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක, ඡන්ද 13ක් වශයෙන් ලබාගත්තේය. දියවඩන නිලමේවරයාගේ ධුර කාලය වසර 10ක් වේ. වර්තමාන වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අවස්ථා දෙකකදී වසර 20ක් දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කර
News Room
Nov 81 min read


රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම වාර්තාව කරයි
ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට ඊයේ (06) දිනයේදී හැකිව තිබේ. ඒ රුපියල් බිලියන 27.7ක ආදායමකි. ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ මෙම ආදායම පසුගිය ඔක්තෝබර් මස 15 වන පිහිටුවන ලද ඉහළම වාර්තාව බිඳ දැමීමට සමත්ව බවය. පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රි ලංකා රේගුව රුපියල් මිලියන 24,918ක මුදලක් රැස් කරනු ලැබීය.
News Room
Nov 71 min read


2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරයි
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. අයවැය කතාව ජනාධිපතිවරයා විසින් අද ප.ව. 01.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ, ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැයයි. 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි. එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්ත
News Room
Nov 71 min read


ඔස්ට්‍රේලියාවේ අවු.16ට අඩු ළමුන් සඳහා Reddit වෙබ් අඩවියද තහනම් කෙරේ
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන් සඳහා ලබන මාසයේ ආරම්භ වන ලොව ප්‍රථම සමාජ මාධ්‍ය තහනමට ජනප්‍රිය සංසද වෙබ් අඩවියක් වන Reddit සමාජ මාධ්‍ය එකතු කර තිබේ. මෙහිදී Facebook, X, Snapchat, TikTok, YouTube, Instagram, Threads සහ සජීවී විකාශන වේදිකාවක් වන Kick සමාජ මාධ්‍ය ද ඇතුළුව තහනමට ලක් වූ වෙබ් අඩවි ගණන නවයකි. මෙම වසරේ දෙසැම්බර් 10 වන දින සිට, තාක්ෂණික සමාගම් වයස අවුරුදු 16ට අඩු අය සඳහා පවතින ගිණුම් අක්‍රිය කිරීමට සහ නව ගිණුම් තහනම් කිරීමට පියවර නොගන්නේ නම්, ඔස්ට්‍රේලියානු ඩොලර්
News Room
Nov 71 min read


හෙරොයින් සමඟ ඇල්ලූ ජාජබ මන්ත්‍රීවරියගේ සැමියාගේ වැඩ තහනම්
හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා තීරණය කර තිබේ. අදාළ විදුහල්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා දන්වා ඇත්තේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් ආයතන සංග්‍රහයේ වගන්ති යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවය. ජාතික ජනබලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා වන අදාළ විදුහල්පතිවරයා ප
News Room
Nov 71 min read


ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමුකිරීමට කටයුතු කර ඇති අතර, එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයාට යොමු කර තිබේ. සිදුවීමට අදාල දිස්නා නිරන්ජලා කුමාරි, පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේ වී තේරී පත්වුණා.
News Room
Nov 71 min read


පිලිපීන ජනපති එරටට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් අද (06) එරටට ජාතික හදිසි තත්ත්වයක් ("state of national calamity") ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, 'කල්මේගි' සුළි කුණාටුවෙන් පුද්ගලයන් 114 දෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් අතුරුදන් වීමත් සමගයි. මෙය මෙම වසරේදී පිලිපීනයට බලපෑ දරුණුතම ස්වභාවික ව්‍යසනය වනවා. වාර්තාගත මරණ සංඛ්‍යාවට ප්‍රධාන හේතුව වී ඇත්තේ, හදිසි ගංවතුර තත්ත්වයන්ට හසුවීමයි. දැනට පුද්ගලයන් 127 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත්තේ දැඩි ලෙස හානි වූ මධ්‍යම පළාතක්
News Room
Nov 61 min read


ට්‍රම්ප් බලයට පත් වූ දින සිට මේ දක්වා සංක්‍රමණික නොවන වීසා බලපත්‍ර 80,000ක් පමණ අවලංගු කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය බලයට පත්වූ ජනවාරි 20 වැනි දින සිට මේ දක්වා සංක්‍රමණික නොවන වීසා බලපත්‍ර 80,000ක් පමණ අවලංගු කර තිබෙනවා එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසුවේමෙම අවලංගු කිරීම්, රිය පැදවීම, පහරදීම සහ සොරකම් කිරීම වැනි විවිධ වැරදි හේතුවෙන් සිදු කර ඇති බවයි. මෙම වීසා අවලංගු කිරීම්වල ප්‍රමාණය, ට්‍රම්ප් බලයට පත්වීමත් සමඟ ආරම්භ කරන ලද පුළුල් සංක්‍රමණ මර්දනයක් පිළිබිඹු කරන බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මෙම මර්දනය යටතේ වලංගු වීසා බලපත්‍ර හි
News Room
Nov 62 min read
bottom of page


