top of page


එල්-නිනෝ තත්ත්වය අති ප්‍රබල වෙයි - නොවැම්බර් වනවිට උච්චතම අවස්ථාවට
එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට පෙර මෙරටට පැමිණිය හැකි බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි. එල් - නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මෙහි උච්චතම අවස්ථාව නොවැම්බර් මාසය වනවිට පැමිණිය හැකි බවය. ජූලි, අගෝස්තු, සැප්තැම්බර් යන මාසයන්වලදී ඒ අනුව ඉතා දැඩි වියළි කාලගුණ තත්ත්වයක් උදාවිය හැකි අතර, ඔත්තොබර්, නොවැම්බර්
News Room
19 hours ago2 min read


උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණයෙන් නිෂ්ප්‍රභයි
2026 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීරණය කළේය. අදාළ පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණය සිය තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පළමුවරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
News Room
19 hours ago1 min read


ජාලිය වික්‍රමසූරිය වරෙන්තු
රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) යළි වරෙන්තු නිකුත් කර තිබේ. මෙම නඩුකරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන දෙසැම්බර් මස 09 වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
News Room
2 days ago1 min read


හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ
2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඉන් අනතුරුව ඉදිරිපත් කළ චෝදනා පත්‍රයට තමන් නිවැරදිකරු යැයි ප්‍රකාශ කිරීමෙ
News Room
2 days ago1 min read


යුක්රේන හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි ධුරයෙන් ඉවත් කෙරේ
යුක්රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි විසින් එරට හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. එරට ආරක්ෂක අමාත්‍ය මයිකයිලෝ ෆෙදොරොව් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු රට පුරා පැවති විරෝධතා මධ්‍යයේ මෙම ඉවත් කිරීම සිදු කිරීම විශේෂත්වක්. 35 හැවිරිදි ෆෙදොරොව්, ආරක්ෂක අමාත්‍යාංශය නවීකරණය කිරීම, හමුදාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ දූෂණයට එරෙහි ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ප්‍රශංසාවට ලක් වූ පුද්ගලයෙක්. එහෙත් 60 හැවිරිදි ඔලෙක්සැන්ඩර් සර්ස්කි, හමුදාව තුළ වෙනස්කම් ක්‍රියාත්මක ක
News Room
2 days ago1 min read


කැනඩා භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක දැවැන්ත බද්දක්
කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50ක බද්දක් පැනවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා. එසේම දින 30ක් ඇතුළත මෙම බදු බලාත්මක වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. අගමැති මාක් කාර්නි මෙයට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ, ඉදිරි සති කිහිපය තුළ එක්සත් ජනපදය සමග පවත්වන වෙළෙඳ සාකච්ඡා "තීව්ර කිරීමට" කැනඩාව සූදානමින් සිටින බවයි.
News Room
3 days ago1 min read


කටුවාන කර්මාන්ත පුරයේ විශාල ගින්නක් – ප්‍රදේශයම කළු දුමෙන් වැසේ
හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පැවසීය. ගින්නෙන් එම ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ. ගින්න පැතිරෙමින් තිබෙන බව පොලීසිය සඳහන් කරයි. එම ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු යොදමින් පවතින බවයි සඳහන් වන්නේ.
News Room
3 days ago1 min read


ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභයි
කාන්තාවන්ට සහ පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර ලබාදෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛ බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපත්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම මූලික අය
News Room
4 days ago1 min read


ජූලි 19ට ඩෙංගු රෝගීන් 20,000 පනී: මරණ 53ක්
ජූලි මාසයේ ගතවූ දින 19 තුළ පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව මෙම මාසයේ ගතවූ කාලසීමාව තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 20,666ක්. ඊයේ දිනයේ පමණක් වාර්තා වූ රෝගීන් 723ත් සමඟින් වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත රෝගීන් 76,044ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 53ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
News Room
4 days ago1 min read


ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය 2026 ලෝක පාපන්දු කිරුළ දිනා ගනී
පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගයෙන් ආර්ජන්ටිනාව පරදා ගෝල 1-0ක තියුණු ජයක් වාර්තා කරමින් 2026 ලෝක පාපන්දු කිරුළ තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤය සමත් වුණා. ඒ අනුව ස්පාඤ්ඤය ලෝක පාපන්දු කිරුළක පහස විඳි දෙවැනි අවස්ථාව මෙය වනු ඇති. තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම කිසිදු ගෝලයක් ලබා ගැනීමට සමත් නොවූ අතර, ජයග්‍රාහකයින් තීරණය කිරීම සඳහා ලබා දුන් අතිරේක කාලයේදී (Extra Time) ස්පාඤ්ඤය මෙම ඓතිහාසික ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. තරගය පුරා දෙපිලෙන්ම දැඩි තරගකාරීත්වයක් මතු වූ අතර වඩාත් තීරණ
News Room
4 days ago1 min read


බ්‍රසීල භාණ්ඩ රැසකට අමෙරිකාවෙන් 25%ක නව තීරු බද්දක්
අමෙරිකාව විසින් බ්‍රසීලයෙන් ආනයනය කරන භාණ්ඩ කිහිපයක් සඳහා සියයට 25ක නව තීරු බද්දක් පනවා තිබෙනවා. ගෘහභාණ්ඩ, එතනෝල්, යන්ත්‍ර සූත්‍ර, පාවහන්, සීනි ඇතුළු භාණ්බ කිහිපයක් සදහා මෙම බදු පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙය, ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් සම්බන්ධයෙන් සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් දියත් කළ නව වෙළෙඳ උපාය මාර්ගයක ආරම්භයක් ලෙස විදෙස් මාධ්‍ය හදුන්වා දුන්නා. ඒ අනුව, ට්‍රම්ප්ගේ නව තීරුබදු උපාය මාර්ගය යටතේ ඉලක්ක කරගත් පළමු රට බ්‍රසීලය බව ද එහි සඳ
News Room
7 days ago1 min read


තරග පාවාදීමේ චෝදනා මත Jaffna Kings කණ්ඩායමේ හිමිකරුවෙකු අත්අඩංගුවට
තරග පාවාදීමේ චෝදනා මත, ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරුවෙකු ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ක්‍රීඩා සම්බන්ධ දූෂණ චෝදනා පිළිබඳව ක්‍රියාත්මක කළ විමර්ශනයක් අනුව Jaffna Kings කණ්ඩායමේ එක් හිමිකරුවෙකු ලෙස හඳුනාගත් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
News Room
7 days ago1 min read


බුලත්විට සමඟ දුම්කොළ විකුණුවොත් වැඩේ වරදී: නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට සැරසෙයි
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත අද (17) අදහස් පළ කරමින් මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව 2006 අංක 27 දරන දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ අධිකාරි පනතට අනුව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු කියාසිටියේය. උපුල් රෝහණ මහතා අවධාරණය කළේ, 2016 වසරේ සැප්තැම්බර් මාස නිකුත් කළ ගැසට් පත්‍රයේ පළමු උපලේඛනය අනුව මෙරට තුළ දුම් රහිත දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම්
News Room
7 days ago1 min read


හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සියදිවි හානි කරගනියි
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන අද (17) උදෑසන සියදිවි හානි කරගෙන තිබෙනවා. මුල්ලේරියාව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහු රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි. මිය යන විට ඔහු 63 වන වියේ පසුවුණා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු 2019 වසරේ අප්‍රේල් මාසයේ සිට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු, 2020 වසරේ නොවැම්බර් 27 වැනිදා පොලිස්පති ධූරයට පත් කෙරුණා.
News Room
7 days ago1 min read


දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු අදින් අවසන්
උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය යටතේ කැණීම් සිදු කෙරුණු කිලෝමීටර් 27.7ක දිගින් යුතු දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැනීම් කටයුතු අද (15) අවසන් කෙරුණි. මහවැලි මහ සැලැස්මේ අවසන් අදියර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය අවසානයේදී උතුරු මැද සහ උතුරු පළාත්වල පානීය, කෘෂි ඇතුළු ජල අවශ්‍යතා සපුරාලීමට නියමිතය. 1968 වසරේ ගෙන ආ මහවැලි මහ සැලැස්මේ ව්‍යාපෘති පසුව 1977 වසරේදී කඩිනම් මහවැලි වැඩසටහන යටතේ වඩා පුළුල්ව සහ වේගවත්ව ක්‍රියාත්මක කරන ලදී. එහි අවසන් අදියරේ එක් ව්‍යාපෘතියක් වූයේ උතුරු ම
News Room
Jul 151 min read


රුපියල් කෝටි 2.7ක මූල්‍ය වංචා චෝදනා ලැබූ එස්.බී.ගේ සොහොයුරාට ඇප
අත්අඩංගුවට ගෙන සිටි, හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගේ සොහොයුරා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායකට ඇප ලබා දී තිබෙනවා. ඒ අනුව, සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. සුරාබදු බලපත්‍රයක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
News Room
Jul 151 min read


මැදපෙරදිග යුද උණුසුම මැද ශ්‍රීලන්කන් යානා දෙකක් අහසේ සිරවෙයි
කටුනායක ගුවන්තොටුපොළෙන් කුවේට් වෙත සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානා 02ක් මෙලෙස යුද්ධයට මැදිව ඇත්තේ, එම කලාපයේ පැවති යුදමය තත්ත්වය හමුවේ ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙනි. මේ නිසා එම කලාපයට ආසන්න ඉහළ අහසේ ශ්‍රීලන්කන් ගුවන්යානා පියාසර කරමින් සිට ඇති අතර, පසුව ආරක්ෂිතව ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවන් කටයුතු කර තිබුණි. අද (15) උදෑසන වනවිට එම ගුවන් යානා දෙක, යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිව
News Room
Jul 151 min read


මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වෙයි
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරුක් මේ දක්වා ලැබී නොමැති අතර, ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාර ගැනීම නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් නොමැති බව මහාචාර්ය සරත් අබේකෝන් සඳහන් කළා. මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තමන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණයට හේතුව සිය පෞද්ගලික හේතුවක් බවයි. මහාචාර්ය ස
News Room
Jul 151 min read


ජූලි මාසයේ ගතවූ දින 12 තුළ ඩෙංගු රෝගීන් 13,293ක්
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව ඊයේ (12) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 68,672ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළේය. එමෙන්ම පසුගිය 11 වැනි දින සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 68,071ක් වාර්තා වී ඇති අතර ඊයේ (12) දින වන විට එම රෝගීන් සංඛ්‍යාව 601කින් වැඩිවී තිබේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 36,118
News Room
Jul 131 min read


කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි පද්ධතියක හදිසි ගින්නක්
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි විදුලි පද්ධතියක අද (13) උදෑසන හදිසි ගින්නක් හටගෙන තිබේ. පෙරවරු 8.30ට පමණ මෙම ගින්න ඇතිවී ඇති අතර ගින්නෙන් පද්ධතියට හානි සිදුව ඇතැයිද වාර්තා වේ. කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ. සිද්ධියෙන් පසු කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලිය විසන්දී වී ඇති බවද සඳහන් වේ.
News Room
Jul 131 min read
bottom of page
