ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය 2026 ලෝක පාපන්දු කිරුළ දිනා ගනී
- News Room
- 3 days ago
- 1 min read

පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගයෙන් ආර්ජන්ටිනාව පරදා ගෝල 1-0ක තියුණු ජයක් වාර්තා කරමින් 2026 ලෝක පාපන්දු කිරුළ තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤය සමත් වුණා.
ඒ අනුව ස්පාඤ්ඤය ලෝක පාපන්දු කිරුළක පහස විඳි දෙවැනි අවස්ථාව මෙය වනු ඇති.
තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම කිසිදු ගෝලයක් ලබා ගැනීමට සමත් නොවූ අතර, ජයග්‍රාහකයින් තීරණය කිරීම සඳහා ලබා දුන් අතිරේක කාලයේදී (Extra Time) ස්පාඤ්ඤය මෙම ඓතිහාසික ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. තරගය පුරා දෙපිලෙන්ම දැඩි තරගකාරීත්වයක් මතු වූ අතර වඩාත් තීරණාත්මක අවස්ථාව උදා වූයේ අතිරේක කාලයේ 106 වන මිනිත්තුවේදීයි.
එහිදී, ස්පාඤ්ඤ ඉදිරි පෙළ ක්‍රීඩක ෆෙරෑන් ටොරස් (Ferran Torres) විසින් ආර්ජන්ටිනා ආරක්ෂක වළල්ල බිඳ දමමින් එල්ල කළ විශිෂ්ට ප්‍රහාරය ගෝලයක් බවට පත්වෙමින් ස්පාඤ්ඤයට ජයග්‍රහණය තහවුරු කළා.
තරගයේ දෙවන අර්ධයේ අතිරේක කාලයේදී (90+3 මිනිත්තුවේදී) ආර්ජන්ටිනා කණ්ඩායමේ එන්සෝ ෆර්නැන්ඩස් (Enzo Feández) රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වීම ආර්ජන්ටිනාවට දැඩි බලපෑමක් එල්ල කළ අතර, ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් යුතුව තරග අතිරේක කාලයේ ක්‍රීඩා කිරීමට සිදුවීම ආර්ජන්ටිනාවේ පරාජයට ප්‍රධාන හේතුවක් බවටද පත්වුණා.
එමෙන්ම, තරගය පුරා ආර්ජන්ටිනා ක්‍රීඩකයින් කහ කාඩ්පත් 5ක්ද ලබා ගත්තා.




Comments