top of page

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉන් අනතුරුව ඉදිරිපත් කළ චෝදනා පත්‍රයට තමන් නිවැරදිකරු යැයි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. ඉන් අනතුරුව නඩුව විභාගය සඳහා දෙසැම්බර් මස 09 වනදා කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page