top of page


විමල් වීරවංශට වරෙන්තු
නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් එහි විත්තිකරු ලෙස නම් කර තිබු හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.
News Room
6 hours ago1 min read


අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව කල්යයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි තැබීම හේතුවෙන් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අමරකීර්ති අතුකෝරළ මහතා ජීවිතක්ෂයට පත්වුණි. එහිදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත්වූ අතර, එම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වුයේය. ඒ අනුව අ
News Room
7 hours ago1 min read


හය ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණය හකුලා ගනී; ලබන වසරට කල් යයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළව මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ හය ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණය 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළා.
News Room
1 day ago1 min read


විමල් සත්‍යග්‍රහය අරඹයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉවත් කරගන්නා ලෙස සහ අධ්‍යාපන අමාත්‍යවරියට ඉල්ලා අස්වන ලෙස බල කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විසින් මීට සුළු මොහොතකට පෙර අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසකගේ සහාය ද ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
News Room
2 days ago1 min read


ජුලී චන්ග් ආපසු යයි
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සිය සිව් වසරක සේවා කාලය අවසන් කරමින් එළැඹෙන 16 වැනිදා මෙරටින් පිටත්ව යාමට නියමිත බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. 2022 වසරේදී රාජකාරී ආරම්භ කළ ඇයගේ ධුර කාලය ශ්‍රී ලංකා - ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය, ෆුල්බ්රයිට් වැඩසටහනේ 80 වන සංවත්සරය සහ පීස් කෝප් ස්වේච්ඡා සේවකයන් යළි මෙරටට පැමිණීම වැනි සුවිශේෂී සන්ධිස්ථාන රැසකින් සමන්විත විය. එමෙන්ම මෙරට ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අර
News Room
Jan 71 min read


2026 වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
මේ වසර සදහා පළමුවරට පාර්ලිමේන්තු සභාවාරය අද (06) රැස්වීව තිබේ. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. අද දිනයේදී ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ වන නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්රතිලාභ පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතය. ඊට අමතරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පසුගිය දෙසැම්බර් 28 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද ප්රකාශනයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතව තිබේ. පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ
News Room
Jan 61 min read


ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හිටපු අමාත්‍යවරයා ලද කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණි අවස්ථාවේදියි. සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදුකරමින්
News Room
Jan 51 min read


ජොන්ස්ටන් FCIDයට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබෙනවා. ඔහුට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ අතර ඒ අනුව හිටපු අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
News Room
Jan 51 min read


2026 නව වසර උදා වෙයි
2026 නව වසර උදා විය. ඒ අනුව, නව වසර පිළිගනිමින් කොළඹ ගාලු මුවදොර, කොළඹ වරාය නගරය හා නෙළුම් කුළුණ කේන්ද්‍ර කර ගනිමින් විචිත්‍රවත් මල්වෙඩි සංදර්ශනයක් ද පවත්වා තිබෙනවා.
News Room
Jan 11 min read


හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 92 වන වියේ පසුවුණි. වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය. ඇය ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ. සිනමාවේ සදාකාලික 'ගී රාජිනිය' ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත. 1953 වසරේ දී 'එදා රෑ' චිත්‍රපටයෙන් සිනමා පසු
News Room
Dec 28, 20251 min read


අත්අඩංගුවට ගනු ලැබූ ඩග්ලස් දේවානන්දා අද අධිකරණයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. යුද හමුදාවෙන් ඔහුට නිකුත් කළ ගිනිඅවියක් වැලිවේරිය ප්‍රදේශයේදී අපරාධකරුවෙකු සන්තකයේ තිබී හමුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඒ මහතා ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි. හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේය. යුද හමුදාව විසින් ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳ
News Room
Dec 27, 20251 min read


අසිරිමත් නත්තල් දිනය අදයි
ලෝකවාසී ජනතාව මහත් හරසරින් සමරන නත්තල් දිනය අදයි. දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙමේ දුගී ගවලෙනක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා. සාමයේ කුමරුවන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහි කරන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම, පරිත්‍යාගය පිළිබඳ පණිවුඩය ගැබ්ව තිබෙනවා. මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්ව
News Room
Dec 25, 20251 min read


ආපදාවට ලක් වූ කර්මාන්තකරුවන් 53කට රුපියල් මිලියන 106.2ක මුදලක්
"දිට්වා" සුළි කුණාටුව සමඟ ඇති වූ දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්ත නැවත යථාවත් කිරීමෙහි මූලික පියවරක් ලෙස රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 2 ක මුදල මුල් අදියර යටතේ කර්මාන්ත 531 කට ලබා දීමට මේ වන විට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව “දිට්වා” සුළි කුණාටුවෙන් පූර්ණ හෝ අර්ධ හානියට පත් වූ ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද දත්ත පද්ධතිය මඟින් මේ වන විට ද
News Room
Dec 24, 20251 min read


පවතින වර්ෂාව නිසා වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ වාන් දැමීම ආරම්භ වෙයි
පවතින වර්ෂාපතනයත් සමඟ මහවැලි අධිකාරියට අයත් ජලාශ වාන් දැමීම සම්බන්ධව ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය - දිගන කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.ධර්මදාස මහතා අද (18) පැවසීය. “දැනට පවතින වර්ෂාපතනය අනුව, මහවැලි ද්‍රෝණියට අයත් ප්‍රධාන ජලාශ අතුරින්, වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ යන ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති අතර, ඒ හේතුවෙන් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව වැඩි
News Room
Dec 18, 20251 min read


නුවරඑළියට මහනුවරට රතු නිවේදන
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු වේ. මේ අතර මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ජනතාව සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. බදුල්ල, මාතලේ, කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඉවත්වන්න - අනතුරු ඇඟවී
News Room
Dec 18, 20251 min read


නායයෑමට ලක් වූ නාවලපිටිය-මහනුවර ප්‍රධාන මාර්ගය විවෘත කෙරේ
දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසු ගමනා ගමනය සඳහා අද (15) විවෘත කෙරිණි. නයායෑම නිසා මාර්ගයට වැටී තිබූ පස් ඉවත් කර මාර්ගය සකස් කර ඇති අතර, මාර්ගයට ඉහලින් පස්කන්ද නායයාමේ අවදානමක් පවතින නිසා ඒ සඳහා ස්ථිර විසදුම් ලබා දෙනතුරු ගමනාගමනයට හැකිවන ආකාරයෙන් ආරක්ෂිතව මාර්ගය නිර්මාණය කර ඇති බව වාර්තා වේ. මෙම ස්ථානයේ කටයුතු අවසන් වනතුරු සුපරීක්ෂාකාරී ලෙස මාර්ගයෙ රිය ධාවනය කරවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම මෙම
News Room
Dec 15, 20251 min read


ආපදාවෙන් මරණයට පත් වූ හෝ අතුරුදන් වූවන්ගේ මරණ ලියාපදිංචි කිරීමට පියවර
'දිට්වා' සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදු වූ නායයෑම් සහ ගංවතුර නිසා මරණයට පත් වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මෙම ව්‍යසනයෙන් යම් පුද්ගලයෙකුගේ ඥාතියෙකු හෝ හිතමිතුරන් අතුරුදහන්ව ඇති බවට වාර්තා වී ඇත්නම්, එම අතුරුදන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචිය සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රද
News Room
Dec 9, 20251 min read


කලාවැවේ ජල මට්ටම ඉහළට
කලාවැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද (04) පෙරවරු 9 ට වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ හේතුවෙන් පහළ නිම්නයේ පදිංචි ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවයි.
News Room
Dec 4, 20251 min read


ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ
'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 22ක් ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් පුරා බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය, අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් සිදුවූ විශාල හානිය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව, මෙසේ ජාතික ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති දිස්ත්‍රික්ක පහතින්, 01. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය 02. නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය 03. බදුල්ල පරිපාලන දිස්ත
News Room
Dec 3, 20251 min read


සී.බී. රත්නායක ලබන 16 දක්වා රිමාන්ඩ්
මුදල් විශුද්ධිකරණය පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබු හිටපු අමාත්‍ය සී.බී. රත්නායක ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කීරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද( 2) නියෝග කළා. සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරනු ලබන ලද විමර්ශනයකට අදා
News Room
Dec 3, 20251 min read
bottom of page


