top of page

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරුක් මේ දක්වා ලැබී නොමැති අතර, ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාර ගැනීම නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් නොමැති බව මහාචාර්ය සරත් අබේකෝන් සඳහන් කළා.

මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තමන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණයට හේතුව සිය පෞද්ගලික හේතුවක් බවයි. මහාචාර්ය සරත් අබේකෝන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති වශයෙන්ද කලක් සේවය කර තිබෙනවා. එසේම මේ වන විට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය ද හිස්ව පවතින අතර, ඒ එම ධූරය දැරූ මංජුලා මඩහපොල පසුගියදා විශ්‍රාම යාම හේතුවෙන්.

එම තනතුරේ වැඩ බැලීම සඳහන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඉෂාන් විජේතිලක පත් කර තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page