top of page

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරාන සම්බාධක ලිහිල් කිරීමේ කිසිදු සූදානමක් නැහැ

හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම වෙනුවෙන් ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාකච්ඡා කණ්ඩායම කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඕනෑම සම්බාධක ලිහිල් කිරීමක් ටෙහෙරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන අත්හැරීම මත පදනම් වන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට කොංග්‍රස් මණ්ඩලය හමුවේ ප්‍රසිද්ධියේ සාක්ෂි දෙමින් රුබියෝ කියා සිටියේ, ඉරානයට සම්බාධක ලිහිල් කිරීමක් හිමිවන්නේ ඔවුන් තම න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත්හැරීමට එකඟ වුවහොත් පමණක් බවයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page