top of page
News Room
Writer
More actions
Profile
Join date: Sep 18, 2024
Posts (273)
Mar 11, 2026 ∙ 1 min
අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර මිළ ගණන් ඉහළට
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නංවන බව, සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, ප්ලේන් ටී කෝප්පයක් රුපියල් 5.00 කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10.00 කින්, කෙටි කෑම රුපියල් 10.00 කින් මෙන්ම බත් සහ කොත්තු රුපියල් 25.00 කින් ඉහළ නැංවීමට තීරණය කළ බවයි එම සංගමය සඳහන් කළේ. ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
2
0
Mar 10, 2026 ∙ 1 min
ඉන්ධන මිල සංශෝධනයෙන් පාසල් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළට; බස් ගාස්තු වෙනස් නොවේ
ඩීසල් මිල ඉහළ ගිය ද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ ගිය ද, ඉන් බස් ගාස්තු සංශෝධනය සඳහා බලපෑමක් සිදු නොවන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ. ඒ අනුව, දැනට පවතින ගාස්තු ඒ අයුරින් පවත්වාගෙන යන බව සඳහන්. එසේම, පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. ඒ අනුව, මාසික ගාස්තුව රුපියල් 5,000 ට අඩුවෙන් ලබා ගන්නා අයට රුපියල් 200 ක...
0
0
Mar 10, 2026 ∙ 1 min
ලංකා විදුලිබල මණ්ඩලය 'Electricity Distribution Lanka' ලෙස වෙනස් වෙයි
2024 අංක 36 දරන විදුලිබල පනත මඟින් හඳුන්වා දෙන ලද විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ යටතේ, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් මෙතෙක් ඉටු කරන ලද විදුලි බෙදාහැරීමේ කාර්යයන් හි වගකීම Electricity Distribution Lanka (Pvt) Ltd (EDL) වෙත පවරා තිබෙනවා. විදුලි බෙදා හැරීමේ අංශය තුළ කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සහ මෙහෙයුම් වැඩිදියුණු කිරීම් ක්‍රියාත්මක කිරීමට එම සමාගමට බලය පවරා ඇති බවයි ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. එමඟින්...
6
0
bottom of page
