top of page
News RoomNews Room

News Room

Writer
More actions

Profile

Join date: Sep 18, 2024

Posts (214)

Nov 9, 20251 min
ජපානයට ප්‍රබල භූමිකම්පාවක්
උතුරු ජපානයට අද (09) පස්වරුවේ ප්‍රබල භූමිකම්පාවක් සහ ඉන් අනතුරුව තවත් කම්පන කිහිපයක් බලපෑ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) පවසනවා. භූමිකම්පාව ජපාන වේලාවෙන් සවස 5 ට පමණ සිදුවූ අතර, එහි මූලික ප්‍රමාණය රික්ටර් මාපක 6.7 ක් ලෙස වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී, JMA විසින් උතුරු වෙරළබඩ කලාපය සඳහා මීටර 1 ක් (අඩි 3 ක්) දක්වා උස සුනාමි රළ ඇතිවීමේ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා.

2
0
Nov 6, 20251 min
පිලිපීන ජනපති එරටට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් අද (06) එරටට ජාතික හදිසි තත්ත්වයක් ("state of national calamity") ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, 'කල්මේගි' සුළි කුණාටුවෙන් පුද්ගලයන් 114 දෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් අතුරුදන් වීමත් සමගයි. මෙය මෙම වසරේදී පිලිපීනයට බලපෑ දරුණුතම ස්වභාවික ව්‍යසනය වනවා. වාර්තාගත මරණ සංඛ්‍යාවට ප්‍රධාන හේතුව වී ඇත්තේ, හදිසි ගංවතුර තත්ත්වයන්ට හසුවීමයි. දැනට පුද්ගලයන් 127 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත්තේ දැඩි ලෙස හානි වූ මධ්‍යම පළාතක් වන සෙබූ (Cebu)...

2
0
Nov 4, 20251 min
අම්බලන්ගොඩ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට
අම්බලන්ගොඩ නගර සභාව අසලදී වෙඩි වැදී රෝහල්ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. මියගොස් ඇත්තේ මෝදර දේවාලයේ සභාපතිවරයා බව තහවුරු කළ ආරංචි මාර්ග පවසනවා. මෙසේ මියගියේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මිරන්ත වරුෂවිතානයි. මෙම වෙඩි තැබීම සිදුවුයේ අද (04) උදෑසන අම්බලන්ගොඩ නගර සභාව අසලදීයි. සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු කරන්දෙණිය සුද්දාගේ මස්සිනා බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

2
0
V_LG.png
  • Facebook
  • Youtube
bottom of page