top of page

ශ්‍රී ලංකාව සුපිරි අටදෙනාගේ වටයට

2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ (16) පැවති තරගය කඩුළු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව සුපිරි අටදෙනාගේ වටය සඳහා සුදුසුකම්ද හිමිකරගත්තා.

ලකුණු 182ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 18ක් අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 184ක් රැස් කරමින් තරගය ජයගත්තා.

මෙම තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 100ක් රැස් කළ අතර, එය මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ පිතිකරුවෙකු රැස්කළ පළමු ශතකයත් වීමත් විශේෂත්වයක්.

කුසල් මෙන්ඩිස් ලකුණු 51ක්ද, පවන් ‍රත්නායක නොදැවී ලකුණු 28*ක්ද රැස් කළා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 181ක් රැස් කළා. ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු සියල්ල දැවී යාමෙන්. අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි, නායක මිචෙල් මාෂ් ලකුණු 54ක්ද, ට්‍රැවිස් හෙඩ් ලකුණු 56ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත කඩුළු 03ක්ද, දුෂ්මන්ත චමීර කඩුළු 02ක්ද, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කමිඳු මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page