එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය කුසල් මෙන්ඩිස්ට
- News Room
- 24 minutes ago
- 1 min read

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. ඒ අනුව එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර, එහි උප නායකත්වය කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබෙනවා. එම එක්දින සහ විස්සයි විස්ස සංචිත දෙක සඳහා ක්‍රීඩකයන් 16 දෙනා බැගින් ඇතුළත්ව සිටින බවයි වාර්තා වන්නේ.
එසේම ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු ටෙස්ට් සංචිතය ද නම් කර ඇති අතර ක්‍රීඩකයන් 17 දෙනකු එම සංචිතයට ඇතුළත් වනවා.




Comments