"ශ්‍රී ලංකාවේ හෙට දවස” ගැන ඇමැති විජිතගෙන් මූණටම අහමු
- News Room
- 6 minutes ago
- 1 min read

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ විවෘත සංවාද වැඩසටහන මැයි 31 දා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
“ශ්‍රී ලංකාවේ හෙට දවස” යන තේමාව යටතේ මෙල්බර්න් වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් මෙම විශේෂ හමුව සංවිධානය කරනු ලබයි. මව්බිමේ අනාගතය, ජාතික ප්‍රගතිය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව සතු අදහස් සහ ඔවුන්ගේ සෘජු දායකත්වය රටේ ඉදිරි ගමනට ලබාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරයි.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ යහපත් අනාගතයක් උදෙසා අවශ්‍ය එකමුතුව, රටේ සංවර්ධනය සහ විදේශගත ප්‍රජා සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව අමාත්‍යවරයා සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගැනීමට ද සහභාගී වන සියලු දෙනාට අවස්ථාව හිමි වේ.
මෙම සුවිශේෂී ප්‍රජා සන්නිවේදන වැඩසටහන මැයි 31 වන ඉරිදා පස්වරු 2.30 සිට 5.00 දක්වා මෙල්බර්න් හි ස්ප්‍රින්වේල් සිටි හෝල් (Springvale City Hall, 18 Grace Park Ave, Springvale VIC 3171) පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.




Comments