top of page

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර රැසක්

රුසියාව විසින් යුක්‍රේනයේ නගර රැසකට ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවත් සඳහන් වේ.

පසුගිය මාසයේදී යුක්‍රේනයේ රුසියානු පාලන ප්‍රදේශයේ ලුහාන්ස්ක් කලාපයේ නේවාසිකාගාරයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමට ප්‍රතිචාර වශයෙන් යුක්‍රේනයට ප්‍රහාර දියත් කරන බවට රුසියාව විසින් මින් අනතුරු අඟවා තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව ඇත්තේ රුසියාව විසින් යුක්‍රේනයට බැලස්ටික් මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර ඇති බවය. ප්‍රහාර හමුවේ කියෙව් නගරාධිපතිවරයා ජනතාවට පවසා ඇත්තේ එල්ලවන ප්‍රහාර හමුවේ ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page