top of page
News RoomNews Room

News Room

Writer
More actions

Profile

Join date: Sep 18, 2024

Posts (287)

Apr 29, 20261 min
තිරිඟු පිටි මිල ඉහළට
තිරිඟු පිටි මිල අද (29) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසයි. ඒ අනුව ප්‍රීමා පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත. ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව මීට පෙර රුපියල් 220ක්ව පැවති පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225ක් වෙයි.

0
0
Apr 29, 20261 min
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඒ අනුව, අද (29) සිට ක්‍රියාත්මක වන ඔහු පරිදි එම ධුරයෙන් ඉවත්වනු ඇත. ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින් ද සිය ඉල්ලා අස්වීම් භාර දී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාටද නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

0
0
Apr 29, 20261 min
අර්ච්චුනා ඇප මත මුදාහරී
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ. ඔහු අද මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස අප නියමකර ඇත. පසුගිය 25වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කර තිබුණි. ඒ ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙනි. අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර...

2
0
V_LG.png
  • Facebook
  • Youtube
bottom of page