ජාජබ මන්ත්‍රිනීගේ විදුහල්පති සැමියා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි
- News Room
- Nov 26, 2025
- 1 min read

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළඹෙන දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, එම විදුහල්පතිවරයා අද (26) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
ජාතික ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා වන අදාළ විදුහල්පතිවරයා පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 118 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණු අතර, එම සිද්ධියෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරිය ඉල්ලා අස් වීමට කටයුතු කර තිබුණා.






Comments